25 C
Colombo
Sunday, May 12, 2024

නිරුවත් ගැහැණු වෙස් ගත් පිරිමියෙක් නිසා පෞද්ගලික ආයතනයක නිලධාරියෙක්ට වුණු අකරතැබ්බය

- Advertisement -

රූමත් තරුණියකගේ අඩනිරුවත් ඡායාරූප මුහුණු පොත හරහා මුදා හරිමින් පෞද්ගලික ආයතනයක උසස් නිලධාරීයෙක් රවටා ඔහුගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදල් ලබා ගැනීමට තැත් කළ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටාන පොලීසිය කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

අදාළ සැකකරු පළමුවෙන් රූමත් තරුණියකගේ ඡායාරූප අදාළ නිලධාරියාට යවා ඔහු සමඟ සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ඇත්තේ අදාළ තරුණිය බවට ඒත්තු ගන්වමින්.

ඉන් අනතුරුව අදාළ නිලධාරියාගේ ද අඩනිරුවත් ඡායාරූප ඔහු වෙත ගෙන්වාගෙන තිබෙනවා.

පසුව සැකකරු තමා මුණ ගැසෙන ලෙස යම්කිසි ස්ථානයකට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ නිලධාරියා ද ඔහු පැවසු පරිදි එම ස්ථානයට පැමිණ තිබෙනවා.

මෙහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙක් සමඟ පැමිණි ප්‍රධාන සැකකරු නිලධාරියාව බිය ගන්වා ඇත්තේ ඔහුගේ අඩනිරුවත් ඡායාරූප බිරිඳට සහ පවුලේ පිරිසට සහ සමාජ මාධ්‍යයට මුදා හරින බවටයි.

එසේ නොකිරීමට නම් මුදල් ලබාදෙන බවට පවසා නිලධාරියාගෙන් එම අවස්ථාවේදී රුපියල් 50000 මුදලක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ඇමතුමක් ලබා දෙමින් සැකකරු තර්ජනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරියා පොලීසියට පැමිණිලි කිරීමට තීරණය කර තිබෙනවා.

අනතුරුව පොලීසිය පැවසු පරිදි සැකකරුට මුදලින් ලක්ෂ 10ක් ලබා දෙන බවට පොරොන්දු වී ඔහුට මුදල් ලබා ගැනීමට පැමිණෙන ලෙසට දැනුම් දීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව මුදල් ලබා ගැනීමට පැමිණි සැකකරුන්ව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

අලුතින් මහවැලි කලාපයක්

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය බල ප්‍රදේශය නව මහවැලි කොට්ඨාශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් වාරිමාර්ග අමාත්‍යාංශයේ​දී පැවති විශේෂ සාකච්ඡාවකදීයි. ඒ...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ ගිලන් රථය ගිලන් වෙලා

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ ගිලන් රථය ධාවනය කිරිමට ටයර් නොමැති විම හමුවේ එම ගිලන් රථය මාසයකට...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...