26 C
Colombo
Friday, May 17, 2024

ඉදිරි දිනවල ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

- Advertisement -

උත්සව සමයෙන් අනතුරුව ඉදිරි දින කිහිපයේ දී පොදු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා ආරක්ෂක නිලධාරීන් යොදවිමට පොලීසිය තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ බීමත් රියදුරන් සොයා සිදුකෙරෙන සෝදිසි කිරීම් ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

තවද අලුත් අවුරුදු සමයේ පැවැත්වෙන අවුරුදු උත්සව හා සංගීත ප්‍රසංගවලට සහභාගී වීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර බීමත් රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් රථවාහන නිලධාරීන් කොළඹ සිට විහිදෙන ප්‍රධාන මාර්ගවල සේවයේ යොදවා ඇති තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ පොලිස් නිලධාරීන් විසින් රථ වාහන පරික්ෂාවට ලක් කළ හැකි බැවින් ඒ සඳහා සහය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් කරන බවයි.

මේ අතර ගංඟා සහ මුහුදු ප්‍රදේශවල දිය නෑමට යෑමේදී සැලකිලිමත් වන ලෙසත් අනතුරු දායක ස්ථානවලින් දිය නෑමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

සජිත්ගෙන් ඩේලි මිරර් එකට බැනුම්

නීති විරෝධී මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් තමා සිදු කළ ප්‍රකශයක් වැරදි ලෙස උපුටා දැක්වූ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 'ඩේලි මිරර්'...

රතුපස්වල නඩුවේ තීන්දුව අද

මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව අද (17) උදෑසන ගම්පහ මහාධිකරණයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...