33 C
Colombo
Monday, May 13, 2024

ඔත්තු බලන්න චීනයෙන් ශබ්දය මෙන් තුන් ගුණයක් වේගවත් ඩ්‍රෝන

- Advertisement -

චීන හමුදාව විසින් ඔත්තු බැලීම සඳහා නුදුරේදීම ශබ්දයේ වේගය මෙන් අවම වශයෙන් තුන් ගුණයක වේගයෙන් ගමන් කරන ඩ්‍රෝන යානා යොදා ගනු ඇතැයි ඇමෙරිකානු රහස්‍ය ලේඛනයක් උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් වාර්තා කළේය.

ෂැංහයි සිට කිලෝමීටර් 560ක් පමණ දුරින් නැගෙනහිර චීනයේ ගුවන් කඳවුරක WZ-8 ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා දෙකක් පෙන්වන අගෝස්තු 9 දිනැති චන්ද්‍රිකා ඡායාරූප පුවත්පත් වාර්තාවට ඇතුළත් වේ.

‍එක්සත් ජනපද රහස්‍ය වාර්තාවේ දැක්වෙන්නේ, චීනයේ මහජන විමුක්ති හමුදාව (PLA) තායිවානය මත චීන ස්වෛරීභාවය පිළිබඳ හිමිකම් බලාත්මක කිරීම සඳහා වගකිව යුතු නැගෙනහිර විධානය යටතේ ඩ්‍රෝන ඒකකය බොහෝ දුරට ස්ථාපිත කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිචාර නොදැක්වූ බව වොෂින්ටන් පොස්ට් වාර්තා කළේය.

පසුගිය සතියේ අත්අඩංගුවට ගත් එක්සත් ජනපද එයාර් ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයෙකු වන 21 හැවිරිදි ජැක් ඩග්ලස් ටෙක්සෙයිරා විසින් හෙළි කළ රහස්‍ය ලේඛන අතර මෙම ලේඛනය ද තිබී ඇත.

RECENT ARTICLES - SINHALA

ජෙරම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි සති දෙක තුළ ගොණු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නීතිපතිවරයාට...

සාම්පූර් පොලීසිය අමානුෂික ලෙස ගැහැණියක් ඇදගෙන යයි

0
සාම්පූර්, චේනයූර්හි ප්‍රදේශයට කඩාවැදුණු සාම්පූර් පොලිසියේයැයි කියන පිරිසක් විසින් කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිල ඇඳුම් ඇඳගත් මෙම පිරිස කෘර හා...

සා.පෙළ ප්‍රශ්නපත්‍ර ගැටළුව ගැන සුසිල්ගෙන් ප්‍රකාශයක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් ඉදිරිපත් කළ...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...