26 C
Colombo
Saturday, May 18, 2024

බොලිවුඩ් සුපිරි තරු සල්මන්ට ඉන්දීය ආරක්ෂක අංශවලින් විශේෂ ආරක්ෂාවක්

- Advertisement -

පාතාලයේ විවිධ තර්ජන හේතුවෙන් තමා ජීවත් වන්නේ බියෙන් බව ප්‍රකට බොලිවුඩ් නළු සල්මාන් ඛාන් පවසනවා.

ඉන්දීය රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු බව ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රකට පාතාල නායකයෙකු වන ලෝරන්ස් බිෂ්නොයිගෙන් මෙලෙස ඔහුට මරණ තර්ජන එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් සල්මන් ඛාන් හට පෞද්ගලික ආරක්ෂාවක් සැපයීමට ඉන්දීය ආරක්ෂක අංශ මේ වන විට පියවරගෙන තිබෙනවා.

“මම හැමතැනම යන්නේ පූර්ණ ආරක්ෂාව සහිතව, මම දන්නවා මම මොන දේ කරත් වෙන්න යන දේ නවත්තන්න බැරි බව. මම දෙවියන් විශ්වාස කරනවා. දැන් මගේ වටේ ආරක්ෂකයෝ ගොඩක් ඉන්නවා. තුවක්කු ගොඩක් මාත් එක්ක යනවා. නමුත් මේ දවස්වල මම බයයි.

ආනාරක්ෂිතභාවයට වඩා ආරක්ෂාව හොඳයි. දැන් මට පාරේ බයිසිකලේ පැදගෙන තනියම කොහෙවත් යන්න බැහැ. කොහොම නමුත් මම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ”

RECENT ARTICLES - SINHALA

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාව, තද සුළං සහ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...