33 C
Colombo
Friday, May 3, 2024

විදේශිකයන්ගේ මෙරට ආයෝජන ඉක්මන් කිරීම සඳහා විශේෂ කමිටුවක්

- Advertisement -

විදේශ ආයෝජන කඩිනම් කිරීම සඳහා ආයෝජන කළමනාකරණ කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෑතකදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයෝජකයින් කිහිපදෙනෙකු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඔවුන්ගේ උනන්දුව පෙන්නුම් කර ඇති නමුත්, එවැනි ආයෝජකයින්ට පහසුකම් සැලසීම සඳහා දැනට පවතින ක්‍රමවේදය දීර්ඝ ක්‍රියාවලියක් වීම හේතුවෙන් ආයෝජකයාගේ උනන්දුව මත ශ්‍රී ලංකාවේ ආයෝජන බලධාරින් මඟින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමට සිදු වීැති බව අමාත්‍ය මණ්ඩලය පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය යටතේ එවැනි ආයෝජන දිරිගැන්වීම සඳහා වඩාත් විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ කඩිනම් අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇති බැවින්, “අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ආයෝජන කළමනාකරණ කමිටුව” නමින් භාණ්ඩාගාරයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් හා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් කමිටුවක් පත් කිරීමටත්, ආයෝජන යෝජනා සඳහා කඩිනමින් අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම එම කමිටුවට පැවරීමටත් මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.


RECENT ARTICLES - SINHALA

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...