33 C
Colombo
Friday, May 3, 2024

මෙරට විදෙස් සංචිත හිඟය නිසා චීනයෙන් ඩොලර් බිලියන 2.2ක් ඉල්ලයි

- Advertisement -

ශ්‍රී ලංකාව විසින් චීන බැංකු වලින් ඩොලර් බිලියන 2.2 ක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව රජය පවසයි.

චීනයේ මහ බැංකුව සමඟ ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරු පහසුකමක් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ අමාත්‍ය නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඉදිරි සති දෙක ඇතුළත මෙම කටයුත්ත අවසන් කිරීමට හැකි වනු ඇතැයි කබ්රාල් මහතා කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටින ලදි.

නිල සංඛ්‍යාලේඛන වලට අනුව, ජනවාරි අග වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.8 ක් දක්වා පහත වැටී ඇති අතර එය 2009 සැප්තැම්බර් මාසයේ සිට පහත වැටුණු අඩුම අගයයි.

ඩොලර් මිලියන 700 ක ණයක් සඳහා ශ්‍රී ලංකාව චීන සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 200 කට සමාන මුදලක් චීන මුදල්වලින් ලබා ගන්නා බවත් නිලධාරීන් පවසයි.

ඉහළ පෙළේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනක් පසුගිය වසරේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ ණය සුදුසුකම් පහත හෙලනු ලැබුවේ ශ්‍රී ලංකාවට එහි විදේශ ණය සඳහා ඇති හැකියාව පිළිබඳ සැක මතු කරමිනි.

නියමිත වේලාවට ණය ආපසු ගෙවීමේ පිළිවෙත ශ්‍රී ලංකාව විසින් දිගටම පවත්වාගෙන යනු ඇතැයි කබ්රාල් මහතා ඊයේ අවධාරනය කළ අතර ජාත්‍යන්තර ආයතන විසින් ශ්‍රේණිගතකිරීම් පහත හෙලීම අනවශ්‍ය බවත් ඔහු පැවසීය.

2021 සඳහා වූ ඩොලර් බිලියන 3.7 ක ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 500ක් මේ වසරේදී ශ්‍රී ලංකාව මේ වන විට ආපසු ගෙවා ඇති බව ඔහු පැවසීය.

විදේශ විනිමය සංරක්ෂණය කිරීම සඳහා රජය විසින් සුඛෝපභෝගී ආනයන සහ තවත් වෙළඳ භාණ්ඩ කිහිපයක් තහනම් කර ඇති අතර එමඟින් විදෙස් ණය ආපසු ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි වන බවත් ඔහු පැවසීය.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වාර්තාගත ලෙස සියයට 3.9 කින් හැකිලී ගියේය.

කෙසේ වෙතත්, කබ්රාල් මහතා පැවසුවේ මෙරට ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යමින් පවතින බවත් මේ වසරේදී ඩොලර් බිලියන 27.6 ක විනිමය පිටතට ගලා යාමට එරෙහිව රට තුලට විනිමය ගලා ඒම ඩොලර් බිලියන 32 ක් බවට ඇස්තමේන්තු කර ඇති අතර එය ඩොලර් බිලියන 4.4 ක අතිරික්තයක් ඉතිරි කර ඇති බවත් ය.

(AFP)

RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...