31 C
Colombo
Friday, May 3, 2024

පාස්කු කොමිසමට ප්‍රහාරයේ අපරාධකරුවො හොයන්න බෑ

- Advertisement -

අපරාධයක වගඋත්තරකරුවන් සොයා ගැනීම කොමිසමකට කළ නොහැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ සඳහා කොමිසම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විෂයානුබද්ධ බලධාරී ආයතන විසින් තවදුරටත් පරීක්ෂණ කළ යුතු බවට නිර්දේශ කර තිබෙන අතර එහිදී දේශපාලඥයින් විසින් තීන්දු නොගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තීන්දුකරනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ඒ අනුව මෙය දේශපාලනීකරණය කිරීම සාධාරණ නොමැති අතර කොමිසමේ වාර්තාවට දඬුවම් දීමේ හැකියාවක් නැති බවත් ඒ සනහ නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවත් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය සොයා ගැනීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් පරීක්ෂණ කළ යුතු බවට නිර්දේශයක් පවා තිබෙන බවත් ඔහු පවසයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට පමණක් නෙවෙයි ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් සොයා බලා දඬුවම් පැමිණිය යුතු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළකළේ සඳහන් කළේ අද (27) කොළඹ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RECENT ARTICLES - SINHALA

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...