29 C
Colombo
Friday, May 17, 2024

වලේ රා බිඋවොත් ලෙඩ ගොඩක්

- Advertisement -

මෙරට ස්වභාවික රා අලෙවි නොවන බවත් මෙරට අලෙවි වෙමින් පවතින්නේ වලේ රා නැමැති අතිශයෙන් වස විස සහිත කෘතිම රා වර්ගයක් බවත් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පවසනවා.

ඔවුන් පවසන්නේ එය පානය කිරීමෙන් වකුගඩු ආබාධ, හෘදයාබාධ, පිළිකා ඇතුළු රෝග ගණනාවක් ඇති විය හැකි බවයි.

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍යක් ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙවැනි නීති විරෝධී මත්පැන් පානය කිරීම හේතුවෙන් රෝගී වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයට අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බව ද එම සංගමයේ නිලධාරීන් පෙන්වා දෙනවා.

සුරාබදු අලෙවියෙන් රුපියල් බිලියන 170 ක වාර්ෂික ආදායමක් රජය බලාපොරොත්තු වුවද ඒ තුළ ඇති දූෂණ වංචා බැහැර කොට නිසි නියාමනයක් ඇති කළහොත් රුපියල් බිලියන 300 ක වාර්ෂික ආදායමක් ලැබිය හැකි බවත් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරින්ගේ සංගමය සඳහන් කළා.

ඒ සඳහා ඔවුන් සතුව නිසි මාර්ගෝපදේශ ඇති බව ඊයේ (24) මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අවධාරණය කළා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට පරීක්ෂණ නැව් නොඑන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා පෙන්වා දී...

සචිත්‍රගේ කටහඬ පරීක්ෂණ වාර්තාව පමා වෙලා

මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති...

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී සැරයන්වරු දෙදෙනෙක් රෝහලේ

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...