ඉන්දීය අගමැති නරේන්දු මෝදි , අද පෙරවරුවේ දිල්ලියේ පිහිටි, ඒම්ස් රෝහලේදී කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන තිබේ.
අගමැතිවරයා විසින් ලබාගෙන ඇත්තේ භාරත් බයෝටෙක් ආයතන විසින් සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපද වූ කොවැක්ෂින් එන්නත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
අද සිට ඉන්දියාව වයස අවුරැදු හැටට වැඩි සහ වයස අවුරැදු හතලිස්පහට වැඩි විවිධ රෝගවලින් පෙළෙන අයට කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම ආරම්භ කරනු ලැබීය.
පළමු අදියර යටතේ ඉන්දියාව විසින් මේ වනවිටත් කෝටි එකහමාරකට අධික සෙෘඛ්‍ය හා ඉදිරිපෙළ සේවකයන් වෙත කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදී තිබේ.