28 C
Colombo
Saturday, May 4, 2024

‘කළු ඉරිදා’ විරෝධය දුර දිග යන ළකුණු

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉෂ්ට නොවූ හෙයින් කතෝලික ජනතාව ‘කළු ඉරිදාවක්’ නම් කිරීම ඉතාමත් සාධාරණ ක්‍රියාවක් බවත් ඒ සඳහා මහ සංඝරත්නයේ සහයෝගය ද නිරතුරුව ම ලබාදෙන බවත් අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ අවධාරණය කරති.

මේ සම්බන්ධයෙන් අස්ගිරි මහ විහාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ කියා සිටියේ, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම උදෙසා පත්කළ කොමිසමේ වාර්තාව කිසිසේත් ම සාධාරණ නොවන බවත් එය පිළිගැනීමට නොහැකි බවත් ය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කරමින් ලේඛකාධිකාරි නාහිමියෝ මෙසේ ද කී බව මව්බිම පුවත්පත වාර්තා කරනවා

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඉදිරිපත් කළ වාර්තාව ඉතාම අසම්පූර්ණ හා ඉතාමත් අසාර්ථක එකක් ලෙස අපට පෙනී යනවා.

මෙම කොමිසම මගින් විමර්ශනය කළ යුතු කරුණු කාරණා පසෙකලා දිගින් දිගට ම සිදු වූ ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියාවන් පිළිබඳව හෙළිකරමින් ඒ පිළිබඳව හඬ නැඟූ බෞද්ධ සංවිධානවලට වරද පටවා චෝදනා එල්ල කිරීම මහ සංඝරත්නය වශයෙන් අප තරයේ ප්‍රතික්ෂේප කරනවා. මෙම වාර්තාවෙන් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කළ හෝ ක්‍රියාත්මක කළ අය හට කිසිදු හෝ බරපතළ චෝදනා එල්ල වෙන්නේ නෑ. මෙම ප්‍රහාරය සිදු කළ ඊට සම්බන්ධ පුද්ගලයන් කඩිනමින් සොයා බලා ඔවුනට නිසි දඬුවම් ලබාදෙන ලෙස අපි රජයෙන් තරයේ ඉල්ලා සිටිනවා.

පාස්කු ප්‍රහාරය නිසා දැඩි වින්දිතයන් බවට පත්වූයේ අපගේ සහෝදර කතෝලික ජනතාවයි. එම කතෝලික ජනතාවට මේ දක්වා කිසිදු සහනයක් ලබානොදීම හා ප්‍රහාරයන්ට සම්බන්ධ වූවන් හට දඬුවම් ලබානොදීමට එරෙහිව හා විරෝධය පා මීළඟ ඉරිදා දිනය ‘කළු ඉරිදාවක්’ වශයෙන් නම් කිරීම ඉතාමත් සාධාරණ ක්‍රියාවක් ලෙස මහ සංඝරත්නය දකිනවා. එම විරෝධතාව මහ සංඝරත්නය වශයෙන් අපි අනුමත කරනවා පමණක් නොව ඊට සහයෝගය ද ලබා දෙනවා.

මෙම වාර්තාවෙන් ත්‍රස්තවාදීන්, අන්තවාදීන් කවුද කියා හෙළි කිරීම පසෙකලා බෞද්ධ සිංහල ජනතාව අන්තවාදී කොට්ඨාසයක් වශයෙන් දක්වා තිබීම හේතුවෙන් ශ්‍රී ලාංකික බෞද්ධ සිංහල ජනතාව අන්තවාදීන් බවට ලෝකයට වැරැදි පණිවුඩයක් යන එක වළක්වන්න බෑ. මේ තත්ත්වය මහ සංඝරත්නය වශයෙන් තරයේ ප්‍රතික්ෂේප කරනවා. තරයේ හෙළා දකිනවා.”

“මෙම අමානුෂික ත්‍රස්ත ක්‍රියාව සිදුකළ පුද්ගලයන් හා ඊට වගකිවයුතු සියලු පුද්ගලයන් සහ ඊට සහාය දුන් සියලු පුද්ගලයන් සොයා බලා ඔවුන් හට නිසි දඬුවම් ලබාදෙන ලෙස අපි රජයෙන් මේ මොහොතේ තරයේ ඉල්ලා සිටිනවා,” යැයි ද නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...