34 C
Colombo
Friday, May 3, 2024

කණ්ඩායමේ නායකයටත් වීසා ගන්න බෑ, මෙහෙමද ක්‍රිකට් හදන්නෙ?

- Advertisement -

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සංචාරයක් සඳහා පිටත්ව යාමට පෙර ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස් කර ගැනීමට නොහැකි වන තරමට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.

20/20 කණ්ඩායමේ නායක දසුන් ශානකට කොදෙව් සංචාරය අහිමි වී ඇති බවත් පෙන්වා දෙන මරික්කාර් මහතා, කණ්ඩායමේ නායකයාට තරගාවලියට සහභාගි වීමට අවස්ථාව හිමි නොවීම මත තරගාවලිය පරාජයට පත් වුවහොත් එහි වගකීම බාර ගන්නේ කවුදැයි විමසා සිටී.

මෙහි වගකීම සම්පූර්ණයෙන්ම කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ මාමන්ඩිය විසින් භාරගත යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. ක්‍රීඩකයන්ගේ අවශ්‍යතා සම්පූර්ණ නොකර ඔවුන්ට තරගාවලිය සඳහා සහභාගිවීමට අනුමැතිය ලබාදුන් ක්‍රීඩා අමාත්‍යවරයාටද වගකීමෙන් මිදිය නොහැකි බව මරික්කාර් මහතා පවසනවා.

රට වෙනුවෙන් ක්‍රීඩකයෙකු ලෙස දැවැන්ත සේවයක් ඉටුකළ චමින්ද වාස් මහතාට ඩොලර් 200 ක දීමනාවක් ලබා දීමට නොහැකි ක්‍රිකට් ආයතනය ඩොලර් 30,000 ක වැටුපකට ටොම් මූඩි මහතා ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස බඳවාගෙන ඇති බවත්, ඒ සඳහා ඔහු සේවය කළ යුත්තේ වසරකට දින 100 ක කාලයක් පමණක් බවත් එස්.එම්. මරික්කාර් මහතා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...