26 C
Colombo
Sunday, May 19, 2024

විශ්වවිද්‍යාල ගැටලු විසඳන්න රනිල්ගෙන් දැඩි තීරණයක්

- Advertisement -

අධ්‍යාපනය සම්බන්ධයෙන් පත්කර ඇති කැබිනට් කමිටුව මඟින් විශ්වවිද්‍යාල පද්ධතියේ තත්ත්වය උසස් කිරීමට අදාළ සියලු ගැටලු පිළිබඳ සලකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

CVCD විශිෂ්ටතා සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

වසර දෙකකට වරක් ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධාන කරනු ලබන CVCD විශිෂ්ටතා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන් විසින් පර්යේෂණ, නවෝත්පාදන සහ නව නිපැයුම් වෙනුවෙන් ලබාදෙනු ලබන කැපී පෙනෙන දායකත්වය හා ජයග්‍රහණ ඇගයීමට ලක්කෙරුණා.

වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂකයා, වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂකයා සහ වඩාත්ම කැපී පෙනෙන නව නිපැයුම්කරු යන කාණ්ඩ තුන යටතේ මෙම සම්මාන පිරිනමනු ලැබූවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ශ්‍රී ලංකාවේ රැඳීඉන්න ඔබ කැමතිද කියලා මං වර්තමාන තරුණ ප්‍රජාවගෙන් විමසුවම, ඔවුන්ගෙන් වැඩිදෙනා කියන්නේ නැහැ කියලා. එය මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණදෙන බරපතළම අර්බුදය. ඒ වගේම ශ්‍රී ලංකාව මුහුණදිලා ඉන්න විශාල ගැටලුවේ එක කොටසක්. අපි කොහොමද අනාගතයට මුහුණදෙන්නේ ? අපි ඉන්නෙ කොතැනද ? මම විශ්වවිද්‍යාලේ යන කාලෙ, අපේ විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල අතර ඉහළ තැනක තිබුණා. රජයේ විශ්වවිද්‍යාල කොහොමද පවත්වාගෙන යන්නේ, ඒවායේ උප කුලපතිවරයාට පහර දෙනවා නම් ? එහෙම වෙන්න බැහැ. යම් තැනකදි අපි මේ ප්‍රශ්නෙට මුහුණදීලා එය විසඳන්න ඕන. වෙන යන්න පාරක් නැහැ. අපි මේ ගැටලුවලට විසඳුම් නොදුන්නොත් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය තුළ තව බරපතළ දේවල්වලට මුහුණදෙන්න සිදුවේවි. අපි අධ්‍යාපනය සම්බන්ධයෙන් කැබිනට් කමිටුවක් පත්කළා. එමගින් සියලු ගැටලු සලකා බලනවා.”

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...