26 C
Colombo
Friday, May 17, 2024

පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

- Advertisement -

ඇඹිලිපිටිය පනාමුර වැලිකඩයායා ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබෙනවා.

වෙඩි තැබීම රැසක් පිළිබඳව මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) අළුයම සිදුකළ මෙහෙයුමකදී ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී STF නිලධාරීන් සිදුකළ ප්‍රතිප්‍රහාර හමුවේ මෙම සැකකරුට වෙඩි වැදී ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු හිටපු හමුදා සෙබෙලෙක් බවයි වාර්තා වන්නේ.

පොලීසිය කියා සිටියේ සැකකරු පසුගියදා මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමට සහ අම්බලන්ගොඩදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු බවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ආබාධිත සිසුවෙක්ට විභාග දෙපාර්තමේන්තුවෙන් කළ අසාධාරණය (වීඩියෝ)

උපතින්ම ආබාධිත වීම හේතුවෙන් රෝද පුටුවෙන් එකොළොස් වසරක් පාසලට පැමිණි සිසුවෙකුට හා මෙතොදියස් විද්‍යාලයේ විශයන් හතරක් පමණක් ලිවිමට සිටි සිසුවියකට අ.පො.ස. සාමාන්‍ය පෙළ...

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

සජිත්ගෙන් ඩේලි මිරර් එකට බැනුම්

නීති විරෝධී මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් තමා සිදු කළ ප්‍රකාශයක් වැරදි ලෙස උපුටා දැක්වූ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 'ඩේලි මිරර්'...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...