33 C
Colombo
Friday, May 3, 2024

මීමුරේ වැසියන්ට නකල්ස් රක්ෂිතයේ එනසාල් වගාවට අවසර

- Advertisement -

නක්ල්ස් රක්‍ෂිතය ආශ‍්‍රිතව ඇති මීමුරේ ගම්මානයේ වැසියන්ට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ නකල්ස් රක්‍ෂිතයේ තෝරාගත් ස්ථානවල එනසාල් වගා කිරිමට ඉඩ ලබාදීමට තීරණය කළ බව කුඩා වැවිලි භෝග ආශ‍්‍රිත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා 08දා පැවසීය.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මීමුරේ ගම්මානයේ කළ චාරිකවකින් පසු රත්නපුරේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වෙළඳපොලේ එනසාල් කිලෝවක සිල්ලර මිල රුපියල් විසි දහස ඉක්මවා ඇත. එනසාල් ආනයනය නොකිරිමත් රටතුල එනසාල් නිෂ්පාදනය අඩුවිමත් නිසා මෙසේ මිල 150%කින් පමණ ඉහළ ගොස් තිබේ.

එනසාල් වගාව වැඩිපුරම සිදුවන්නේ ඉහළ කඳුකරයේය. කලකට පෙර එසේ එනසාල් වගාකළ ප‍්‍රදේශ මේවනවිට රක්‍ෂිත බවට නම්කර තිබේ. එනිසා රක්‍ෂිතවල එනසාල් අස්වැන්න ලබාගැනීමට මහජනතාවට අවසර නැත.

මීමුරේ වැසියන් ද එකී අවසරය නැතිකමින් රක්‍ෂිතවල එනසාල් වගාවන් වල නිරතවීමට නොහැකිව සිටින බව පසුගියදා ගම සමග පිළිසඳරක් වැඩසටහනේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දී සහන ඉල්ලා සිටියේය. එසේම තමන්ගේ ප‍්‍රධාන ආර්ථික වැවිල්ලක් වු ගම්මිරිස් සඳහා ද නිසි මිලක් මෙන්ම වැඩි අස්වනු ඇති ප‍්‍රභේද සහ වගා සහන ඉල්ලා සිටියේය.

ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමන් මීමුරේ ගමට ගියේ මේ සම්බන්‍ධව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කළ දැනුම් දීමක් අනුව බවයි.

මීමුරේ අවට ඒ ගම්වැසියන් මීට පෙර එනසාල් වගා කළ සහ අස්වනු නෙලූ දැනට නක්ල්ස් රක්‍ෂිතයට අයත් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්‍ෂිතවලට ඇතුලූවී එනසාල් අස්වනු නෙලීමටත්, වනාන්තරයට හානි නොවන අන්දමින් එනසාල් වගාව රක්‍ෂිත තුළ සිදුකිරිමටත් එකඟත්වයකට පැමිණි බවද ජානක වක්කුඹුර රාජ්‍ය ඇමතිවරයා කීවේය.

ඒ සඳහා එනසාල් පැල ලබාදීමට වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එකඟවූ බවද සඳහන් කළේය. මේ අවසරය මීමුරේ ජනතාවට මිස වෙනත් ප‍්‍රදේශවල ජනතාවට එනසාල් වගාවන් සඳහා රක්‍ෂිතවලට ඇතුලූවිමට අවසරයක් නැතිබවද අවධාරණය කළේය. වගාවන් සඳහා රක්‍ෂිතවලට ඇතුලූවන මීමුරේ ජනතාවගේ අනන්‍යතාව තහවුරු කිරිමට වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් සකසනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

‍මීමුරේ නිෂ්පාදනය කරන ගම්මිරිස් කුලූබඩු සංස්ථාව හරහා ඝෘජුව මිලදී ගැනීමටත් ඒවා මීමුරේ ගම්මිරිස් නමින් වෙළඳපොළට නිකතුත් කිරිමටත් ජනාධිපතවරයාගේ උපදෙස් අනුව ක‍්‍රියාකරන බවද ඔහු පැවසුවේය. ඒ නිසා වෙනත් ගම්වල ජනතාව මීමුරේට සිය ගම්මිරිස් අස්වැන්න ගෙනවිත් අලෙවි කර මේ වැඩපිළිවෙල කඩාකප්පල් නොකරන්නැයි ද දැනුම්දුන් බවද කීවේය.

බිම සිට ගස්වල අතු කැපිය හැකි යන්ත‍්‍ර මීමුරේ ගම්වැසියන් කිහිප දෙනෙකුට ලබා දුන් බවද රාජ්‍ය අමතිවරයා පැවසුවේය.

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...