30 C
Colombo
Friday, May 17, 2024

වික්ටෝරියා ජලාශයත් පතුලටම සිඳෙයි

- Advertisement -

මධ්‍යම කදුකරය පුරා පවතින වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශය පතුලටම සිඳී තිබෙනවා.

වික්ටෝරියා ජලාශය මගින් රන්දෙණිගල රන්ටැඹේ ඇතුළු විදුලි බලාගාර සඳහා ජලය සපයා දෙන අතරම කුඹුරු අක්කර දහස් ගණනක වගාවන් සඳහාද පානීය ජලය සැපයීමද සිදු කරනවා.

ජලාශයේ ජල මට්ටම අඩු වීම නිසා ප්‍රදේශයේ පවුල් දහස් ගණනක් උග්‍ර පානීය ජල හිඟයකටද මුහුණ දී සිටින බවද සඳහන්.

වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී ජලාශයට යටව තිබූ පැරැණි තෙල්දෙණිය නගරයේ නටබුන්ද ජලාශය සිඳී යාම හේතුවෙන් මතුව ඇති බවද සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

මත්ද්‍රව්‍ය විනාශ කරන්න අධිබලැති උඳුනක්

මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අධිබලැති උඳුනක් ස්ථාපිත කර තිබෙනවා. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පසුගිය කාල සීමාවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට...

සාම්පූර් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

මියගිය ඥාතීන් සිහිකර කැඳ බෙදා දීමේ සිද්ධියක් මූලික කරගමින් පසුගියදා සාම්පූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්  සිව් දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. මෝසමක්...

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...