26 C
Colombo
Friday, May 17, 2024

නියගය නිසා වගා හානි 60,000 ඉක්මවලා

- Advertisement -

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

මේ අතර, පවතින වියළි කාලගුණය හමුවේ ඇතිවිය හැකි විජලනයෙන් ආරක්ෂා වීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික දියර වර්ග පානය කරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙනවා.

උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වෛද්‍යවරුන් පවසන්නේ, විජලනයෙන් ආරක්ෂා වීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික දියර වර්ග වෙනදාට වඩා පානය කරන ලෙසයි.

සිරුරට දැනෙන උණුසුම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බවට වාර්තා වෙනවා.

මේ අතර, පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද කුඩා වැව් බොහෝමයක් සිඳිගොස් තිබෙනවා.

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් රත්නපුර රංවල ඕලු වැව සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර, රංවල, උඩ රංවල, ගොඩකවෙල, ඕපනායක සහ බිබිලේගම යන ගම්මානවල තේ, පුවක් සහ එළවළු වගා සියල්ල විනාශ වී ඇති බවටයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර, අනුරාධපුර පුලියන්කුලම ප්‍රදේශයේ වට්ටක්කා අක්කර දහසක් පමණ විනාශ වෙමින් පවතින්නේ මෙලෙසින්.

ගොවීන් පවසන්නේ, මේ වන විට ප්‍රදේශයේ කුඩා වැව් සහ වගා ළිං සිඳීයාම නිසා වගාවට ජලය සපයා ගැනීම දුෂ්කර වී ඇති බවයි.

මේ අතර, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මින්නේරිය රොටවැව කදුරුගස්වැව සිඳීයාමෙන් ගොවි පවුල් 30ක් පමණ පීඩාවට පත්ව සිටිනවා.

කඳුරුගස්වැවෙන් අස්වද්දන කුඹුරු අක්කර 50ක් පමණ බලපෑමට ලක්ව ඇති අතර, ජල අවශ්‍යතා සහ තෘණ සපයාගත නොහැකි වීමෙන් ප්‍රදේශයේ කිරි ගව පාලනයට ද බලපෑම් එල්ල වී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, අද වනවිට වී වගා කරන ලද අක්කර 54,408කට හානි වී ඇති බවයි.

සෙසු බෝග හානි සිදුවූ භූමි ප්‍රමාණය අක්කර 344ක්.

පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමග මේ දිනවල මහවැලි කලාපයන්හි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහල බසිමින් පවතිනවා.

මොරගහකන්ද ජලාශයද ඉතා වේගයෙන් සිඳෙමින් පවතින අතර ජලාශයට යටවී තිබු බොහෝ ගොඩනැගිලි ද මේ වන විට මතුව ඇති ආකාරයයි මේ.

අධික නියගය පවතින දිස්ත්‍රික්ක පහළොවේ ජනතාව විවිධ ආර්ථික ගැටළු හේතුවෙන් රුපියල් කෝටි 10,000 කට වැඩි කනකර ආභරණ ඇතුළු දේපළ උකසට තබා ඇතැයි බැංකු සහ උකස් මධ්‍යස්ථාන ආරංචිමාර්ග පවසව්නවා.

ආර්ථික ගැටලූ හේතුවෙන් ඇතැමුන් දේපළ විකුණා දමමින් සිටින බවටයි වර්තා වන්නේ.

අධික නියගය තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහළොවේ ලක්ෂ 2කට වැඩි පිරිසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටිනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය නිලධාරීන සදහන් කරන්නේ සිදුවී ඇති වගා හානිය අක්කර 60,000 ඉක්මවා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

වර්ජනය නිසා 150,000කගේ උපාධිය අවසන් කිරීම කල් ගිහින්

විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...

ආබාධිත සිසුවෙක්ට විභාග දෙපාර්තමේන්තුවෙන් කළ අසාධාරණය (වීඩියෝ)

උපතින්ම ආබාධිත වීම හේතුවෙන් රෝද පුටුවෙන් එකොළොස් වසරක් පාසලට පැමිණි සිසුවෙකුට හා මෙතොදියස් විද්‍යාලයේ විශයන් හතරක් පමණක් ලිවිමට සිටි සිසුවියකට අ.පො.ස. සාමාන්‍ය පෙළ...

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...