30 C
Colombo
Friday, May 17, 2024

ඉන්දියාව හෙල්ලූ නීරාජ් චොප්රා

- Advertisement -

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගැනීමට නීරාජ් චොප්රා සමත් විය.

ඒ හංගේරියාවේ බුඩාපෙස්ට් හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනා ගැනීමට හැකි වීමත් සමඟයි.

ඒ අනුව ලෝක මලල ක්‍රීඩා කිරුළක් හිමිකරගත් පළමු ඉන්දියානුවා වන්නේ නීරාජ් චොප්රා බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම ඉසව්වේ ඔලිම්පික් ශූරයා ද වන චොප්රා මීටර් 88.17ක් දුර හෙල්ලය විසිකරමින් එම ඉසව්වේ රන් පදක්කම හිමිකරගත් අතර රිදී පදක්කම පාකිස්තානයේ අර්ශාද් නදීම් හිමිකරගත්තේ මීටර් 87.82ක් දුරට හෙල්ලය විසිකරමින් දිනා ගත්තා.

ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීට පෙර ඉන්දියාව වෙනුවෙන් පදක්කමක් දිනාගත්තේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් අන්ජු බොබී ජෝර්ජ් 2003 වසරේදී.

RECENT ARTICLES - SINHALA

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

කුසල්ගේ වීසා ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද...

හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න අංකයක්

ව්‍යාජ වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බවයි. එම සංගමයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...