33 C
Colombo
Friday, May 3, 2024

අපි සිංහරාජය මැද්දේ වැව් දෙකක් කපනවා – චමල් (වීඩියෝ)

- Advertisement -

හම්බන්තොට ප්‍රදේශයට පිරිසිදු ජලය ගෙන යාම සඳහා ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරය මධ්‍යයේ අක්කර පහ බැගින් වූ විශාල වැව් දෙකක් ඉදි කිරීමට තම රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

හම්බන්තොට ප්‍රදේශයට ජලය රැගෙන යාමට ජලය එක්රැස් කිරීම සඳහා මෙම වැව් දෙක ඉදිකිරීමට සැළසුම් කර ඇති බවයි ඔහු පවසන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ධූර කාලයේදී මෙය චීන සමාගමක් සමඟ වැඩ ආරම්භ කලද පසුගිය රජය සමයේ එම ව්‍යාපෘතිය නතර කෙරුණු බවද අමාත්‍යවරයා සදහන් කළා.

අදාල වැව් දෙක ඉදිකිරීම තුළින් සිංහරාජ වනය තුළ යට වන ගස් සඳහා වෙනම අක්කර පනහක් සීයක් පමණ ගස් සිටුවා දීමට කටයුතු කරන බවද චමල් රාජපක්ෂ මහතා සදහන් කළා.

එමෙන්ම වන වැස්ම වැඩිකිරීම සඳහා රබර් වගාව වැඩි කිරීමටද කටයුතු කරන බවද ඔහු රැස්ව සිටි පිරිස අමතමින් පවසා සිටියා.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ පසුගිය 20 වනදා වීරකැටියේ පැවති උත්සවයක් අමතමින්.

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...