26 C
Colombo
Saturday, May 18, 2024

රිය අනතුරුවලින් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් මරුට

- Advertisement -

ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඊයේ (05) සවස් කාලයේ දී කහවත්ත පොලිස් වසමේ පැල්මඩුල්ල නෝනාගම ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 09 කණුව ආසන්නයේ දී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් මිය ගිය බවයි.

කහවත්ත දෙස සිට මාදම්පේ දෙසට ධාවනය වූ යතුරුපැදිය මාර්ගයේ ලිස්සා ගොස් පෙරළී පසුපැදිකරු විසි වී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයට යට වීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකරු මිය ගොස් තිබෙන අතර එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 16ක් වු යක්ගහඇල්ල, කහවත්ත ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මේ අතර කඩවත පිටත වටරවුම් මාර්ගයේ ගනේමුල්ල වටරවුම අසල දී ත්‍රීරෝද රථයක් පදික මාරුව මතින් ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී මෙන් සිදුවු අනතුරෙන් තුවාල ලැබු පදිකයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි කඩවත පදිංචිකරුවෙක් වන අතර අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගත් බව සඳහන්.

කන්තලේ කොට්ඨාසයේ ඊච්චලම්පත්තු පොලිස් වසමේ මාවඩිච්චේන ලංකා පටුන මාර්ගයේ මුට්ටිචේන ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු ඊච්චලම්පත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මාවඩිච්චේන දෙස සිට ලංකා පටුන දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී කොන්ක්‍රීට් කණුවක ගැටී අනතුර සිදුව තිබුණා.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 21 වු එම ප්‍රදේශයේ ම පදිංචි තරුණයෙක්.

RECENT ARTICLES - SINHALA

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...