33 C
Colombo
Friday, May 3, 2024

ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව රැගත් ‘තලයිවි’

- Advertisement -

දකුණු ඉන්දියාවේ ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් වන ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව රැගත් ‘තලයිවි’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අද (23) දින නිකුත් වුණා.

ඒ එහි ප්‍රධාන චරිතය වන ජයලලිතා ජයරාම්ගේ චරිතය නිරූපනය කරන කන්ගනා රනාවුත්ගේ ජන්ම දිනයට සමගාමීවයි.

තලයිවා, තාන්ඩවම් වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කල ඒ.එල්. විජේ විසින් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටය එළැඹෙන අප්‍රේල් 23 වනදා තිරගතවීමට නියමිතයි.

සුප්‍රසිද්ධ බාහුබලී චිත්‍රපටය රචනා කල කේ.වී. විජයේන්ද්‍ර ප්‍රසාද් හා චිත්‍රපට රචක මධාන් කර්කි විසින් මෙම චිත්‍රපටය රචනා කර තිබෙනවා.

හින්දි, දමිල හා තෙළිගු යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම චිත්‍රපටය තිරගතවීමද විශේෂත්වයක්.

ජයලලිතා ජයරාම් යනු 6 වතාවක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිවරිය වශයෙන් කටයුතු කල ප්‍රබල දේශපාලන කාන්තාවක් වනවා.

ඇය දේශපාලනයට පිවිසීමට පෙර සිනමා නිළියක ලෙස කටයුතු කළා.

ඇයව දකුණු ඉන්දියානු ජනතාව හැදින්වූයේ ‘අම්මා’ යන නාමයෙන් හා ‘පුරච්චි තලයිවි’ (විප්ලවකාරී නායිකාව) ලෙසයි.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින්,

RECENT ARTICLES - SINHALA

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...