30 C
Colombo
Friday, May 17, 2024

ජපන් අගමැතිත් ලංකා සංචාරය අවලංගු කරලා

- Advertisement -

මේ සතියට යෙදී තිබුණු ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර තිබෙන බවට මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ පැවැත්වෙන ජී 20 රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන අතරතුර එක්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ජපාන අග්‍රාමාත්‍යවරයා මුලින් සැලසුම් කර තිබුණා.

කෙසේවුවද, ජපන් අගමැතිවරයා ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවීමට හේතුවද මේ දක්වා හෙළිව නොමැති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී රාජ්නාත් සිං මහතා පසුගිය සැප්තැම්බර් 02 – 03 යන දිනවල මෙරට සංචාරයක නිරතවීමට නියමිතව සිට පසුව ඒය අත්හරිනු ලැබුවා.

මෑත කාලයේදී මෙසේ රාජ්‍ය නායකයකු පැමිණීමට සැලැසුම්කර සිට පසුව නොපැමිණි දෙවැනි අවස්ථාව මෙය වනවා

RECENT ARTICLES - SINHALA

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

කුසල්ගේ වීසා ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද...

හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න අංකයක්

ව්‍යාජ වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බවයි. එම සංගමයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...