25 C
Colombo
Tuesday, May 14, 2024

දුම්රියෙන් ඇද වැටී මියගිය තරුණයා ගැන බන්දුල දුකෙන් (වීඩියෝ)

- Advertisement -

දුම්රිය වර්ජනය හේතුවෙන් අද දින දුම්රියක වහලය මත ගමන් කළ තරුණයෙකු දුම්රියෙන් ඇද වැටී මිය ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ වර්ජනය කළ පුද්ගලයින් මෙම මරණයට වග කිවයුතු බවයි.

ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භයට පෙර මිය ගිය තරුණයා සිහි කර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුලු ඊට සහභාගී වූ අනෙක් පිරිස සිය අසුන්වලින් නැගිට ශෝකය පළ කළා.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මේ මරණය ගැන අපි අතිශය කනගාටු වන අතර, මෙම මරණයට සම්පූර්ණයෙන්ම හිතුවක්කාර වෘත්තීය සමිතිවල වැඩවරපු 84 දෙනාම මේ මරණයේ වගඋත්තරකරුවන්. යුක්තිය පසිඳලන ආයතන තියෙනවා නම් මේ දරුවාට දෙමාපියන් ඉන්නවා, මේ වර්ජනය කරපු අයත් දෙමාපියන් වෙන්න පුළුවන්. නමුත් හිතුවක්කාර වර්ජනයක් කරේ. හෙට සාකච්ජාව දීලා තියෙද්දි පොරොන්දු වෙලා නිල වශයෙන් දැනුම්දීලා තියෙද්දි එපා කියද්දි 84 දෙනෙක් පමණක් මෙහෙම වර්ජනය කිරීම සම්පූර්ණයෙන්ම දුම්රිය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමක්. ඒ නිසා මේ ත්‍රස්තවාදයට යටත්වෙන්න රජයක් විදියට අපි සුදානම් නෑ. මෙවැනි අනීතික වැඩවර්ජනයක් කරලා මෙහෙම නිරායුධ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැතිවෙනවා නම් මේක මිනිමැරුමක්.”

මේ අතර, අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

“මම ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලනවා අද මධ්‍යම රාත්‍රි 12 සිට ලංකාණ්ඩුවේ දුම්රිය සේවය මහජනයාට අත්‍යාවශ්‍ය සේවය පරිවර්තනය කරලා හෙට සිට ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගන්නත් අනෙක් කිසිදු වැඩවර්ජනයකට සහභාගී නොවී තමන්ගේ වගකීම නිසිලෙස ඉටුකළ අනෙකුත් අනෙක් වෘත්තීය සමිති සහ ඒවායේ 18,000ක් පමණ අනෙක් සේවකයින් වෙනුවෙනුත් ඒ ක්‍රියාමාර්ගය අපි ගන්නවා.”

RECENT ARTICLES - SINHALA

ෆෝන් චාර්ජරයක් පස් හැවිරිදි දැරියකට මරු කැඳවයි

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පෙර...

වතු හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම් – ජීවන් තොන්ඩමන්

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල...

T20 ලෝක කුසලානයට යන කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...