30 C
Colombo
Wednesday, May 22, 2024

ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමට රජයේ සූදානමක්

- Advertisement -

ඉදිරියේදී රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්වී නියාමනය කිරීම පමණක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳා පවතිනු ඇති බව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

“ඉදිරි අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳාපවතීවි. රජය හුදෙක් නියාමන අධිකාරියක් වශයෙන් පමණක් කටයුතු කරාවි. රජය ආර්ථිකය ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන තියෙනවා. ශ්‍රී ලංකාව එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය 2023 වසරේ අවසන් කාර්තුවේදී අවසන් කිරීමට අපේක්ෂා කරනවා. IMF පළමු සමාලෝචනය ඊයේ ආරම්භ කළා. එය සති දෙකක් වැනි දිගු කාලයක් පැවැත්වෙනවා. ජනාධිපතිවරයා මූල්‍ය කොමිසම සමග එළඹෙන 26 වනදා එහි අවසන් හමුව පැවැත්වීමට සැලසුම් කරලා තිබෙනවා.”

RECENT ARTICLES - SINHALA

අලි මරණ නවත්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්  

දිවයින පුරා සිදුවන අලි ඇතුන්ගේ මරණ වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය...

ධීවර ප්‍රජාවන්ට විශේෂ දැනුම්දීමක්

අද දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර...

මියගිය පුද්ගලයකුගේ දේහය භාරගන්න බිරින්දෑවරු 4ක්

රිය අනතුරකින් මිය ගිය පුද්ගලයකුගේ මෘත දේහය භාර ගැනීමට භාර්යාවන් සිව් දෙනකු ඉදිරිපත් වී තිබෙනවා. කුලියාපිටිය වෛද්‍ය පීඨය අසල යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී සිදුව...

POPULAR ARTICLES

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...