31 C
Colombo
Friday, May 3, 2024

යළිත් කොළඹට උඩින් යන දුම්රිය පද්ධතියක්

- Advertisement -

කොළඹ නාගරික කලාපය ආවරණය වන පරිදි කණු මත ඉදිවන දුම්රිය මාර්ග පද්ධතියක් පෞද්ගලික සහ රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට ඊයේ (29) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම දුම්රිය මාර්ග රක්ත, හරිත, නීල සහ දම් යනුවෙන් හඳුන්වා ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළා.

රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා දිවෙන අතර එය කිලෝමීටර් 42ක දුරක් දක්වා විහිදෙන අතර හරිත දුම්රිය මාර්ගය මොරටුව සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ධාවනය කිරීමට නියමිතයි.

එම දුම්රිය මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 28ක්.

කිලෝමීටර් 23කින් සමන්විත නීල දුම්රිය මාර්ගය කොට්ටාවෙන් ආරම්භ වී ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා ධාවනය කෙරෙන අතර දම් දුම්රිය මාර්ගය කොළඹ වරාය නගරයෙන් ආරම්භ වී බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා ධාවනය කිරීමට නියමිතයි.

පසුගිය රජයෙන් ඉදිකිරීමට යෝජනා කර තිබූ සැහැල්ලු දුම්රිය පද්ධති ව්‍යාපෘතිය වර්තමාන රජය බලයට පත්වූ පසුව අවලංගු කර දැමූවා.

ඩොලර් බිලියන 1.5 ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් මෙම ව්‍යාපෘතිය නිමකිරීමට සැලසුම් කර තිබුණද එම ව්‍යාපෘතිය අගනුවර තදබදයට ලාභදායී විසඳුමක් නොවන බව පවසමින් අදාළ දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කරන ලෙස ජනාධිපතිවරයා මහාමාර්ග අමාත්‍යංශයට නියෝග කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...