27 C
Colombo
Saturday, May 11, 2024

රටට රන් හැදූ රන් ගුරුවරයා

- Advertisement -

ලංකාව රනින් සැරසූ දියණිය තරුෂිගෙ පාසැල නුවර මැණික්හින්න ගමේ වලල රත්නායක මධ්‍ය විද්‍යාලයයි.

රටේ මිනිස්සු බොහෝ දෙනෙක්ට නුහුරු වුවත් ලංකාවේ පාසැල් මළල ක්‍රීඩාව ගැන දන්න ලංකාවේ මළල ක්‍රීඩාවෙ ක්‍රීඩක ක්‍රීඩිකා ලොකුම නිෂ්පාදනාගාරය ලෙස වලල රත්නායක මධ්‍ය විද්‍යාලය හඳුන්වා දෙන්න පුලුවන්.

90 දශකයේ මැදභාගයේ සිට ජාතික මට්ටමේ වැඩ පෙන්වපු වලල සෙට් එක 2000න් පස්සේ කාටවත් ලංවෙන්න බැරි තරමට ලාංකීය පාසල් මළල ක්‍රීඩාවෙ අනසක පතුරවා හරින්නට සමත් වුණා.

මීටර් 400, මීටර් 400×4, මීටර් 800 වගේ ඉසව් සියල්ල පහසුවෙන් ජය ගත් වලල රත්නායක මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සමහර ඉසව් වල ජයග්‍රාහණ ඔවුන්ට ලියලා දීලා වගේ තිබුණා.

සෙසු පාසැල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අකමැතිම නම උනෙත් වලල රත්නායක මධ්‍ය විද්‍යාලයයි.

නම් දැරූ පාසැල් පිරුණු මහනුවර නගරයෙන් පිට ගමක කඳු මිටියාවතක පිහිටි වලල ඉස්කෝලෙ මේ තරම් වැඩකාරයෝ හැදුවේ සුසන්ත ප්‍රනාන්දු ගුරුවරයායි.

ඔහු තමයි වලල මළල ක්‍රීඩාවෙ මහා නිමැවුම්කරු රටට රන් පදක්කම ගෙනාපු තරුෂිගේ ගුරුවරයා වන්නේද සුසන්ත ප්‍රනාන්දු ගුරුවරයායි.

කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන සුසන්ත ප්‍රනාන්දු දක්ෂ ක්‍රීඩකයෙක් ද වනවා.

පාසල් අධ්‍යාපනයෙන් පසු බණ්ඩාරවෙල අධ්‍යාපන විද්‍යා පීඨයෙන් ක්‍රීඩා ගුරුවරයෙක් ලෙස එන සුසන්ත සර් සිය මුල් පත්වීම ලෙස වලලට එන්නෙ 1990 දි.

එතකොට වලල කුඩා ක්‍රීඩාපිටියක් තිබුණු සාමාන්‍ය පාසලක්. සුසන්ත සර් 1990 දි ජාතික පාසැල් මළල ක්‍රීඩා තරඟාවලියට එන්නෙ එක ක්‍රීඩකයෙක් එක්ක. නමුත් මේ අපූරු මනුස්සයා අවුරුදු තුන හතරක් ඇතුලත මහනුවර ප්‍රබල බාලක බාලිකා පාසල් පරාජය කරන්නට සමත් වැඩ්ඩො ටිකක් දුම්බර මිටියාවතෙන් බිහි කරනවා පමණක් නෙවෙයි ලංකාවේ පළමු ක්‍රීඩා පාසල වලල විද්‍යාලයේ පිහිටුවන්නත් පුරෝගාමී භූමිකාවකට පණ දෙනවා. ඒ ආපු ගමන තමයි දශකයක් යනකොට රටම අභිබවා ගිහින් අද වෙනකොට ආසියාවම අභිබවා යන්නෙ.

ඔහු ගමේ කොල්ලො කෙල්ලො ටිකත් එක්ක අවුරුදු 33ක් තිස්සේ මේ ආපු ගමන බොහොම දුශ්කර එකක් බව ලංකාවේ අපිට අමුතුවෙන් කියන්න ඕනැ එකක් නෙවි. බොහෝ කටු කාගෙන ඔවුන් සෑහෙන්න දුරක් පැමිණ තිබෙනවා. කොටින්ම අදටත් දන්න තරමට වලල ඉස්කෝලෙ තියෙන්නෙ මීටර් 200 ප්‍රාථමික ට්‍රැක් එකක්. ලංකාවේ ඉහළින් නම රැන්දූ පාසලකට පවා දෙන්න පුළුවන් පහසුකම් ටික පවා ලබා දෙන්න අපේ පාලකයන්ට අවශ්‍යතාවයක් නැති එක ගැනත් පුදුම වෙන්න දෙයක් නෑ.

එවැනි කටුක මාවතක සුසන්ත සර් පෙන්වපු පාරෙ ආපු තරුෂි මීටර් 800 ජාතික ශූරිය වෙනකොට එම ඉසව්වේ ජාතික ශූරයා වෙන්නෙ ඇගේ අයියා හර්ෂ. ඒ වලලින් බිහිවෙච්ච ඩිල්ෂි, ශෙහාන්, සෙනිර, ඉඳුනිල්, මධුශංඛ වැනි ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ ජවන හා පිටිය වැඩ්ඩන් සිය ගණනකින් දෙන්නෙක් පමණයි. ඔවුන් මෙතෙක් දිනපු ජාතික ශුරතා, ජාතික පාසැල් ශූරතා ප්‍රමාණය සිය ගණනක්.

තරුෂිගෙ පදක්කම් සමග මුළු රටේම අවධානය යොමු වෙලා තියෙන මේ වෙලාව තරම් සුදුසු වෙලාවක් තවත් නෑ මේ ජයග්‍රහණ පිටිපස්සේ නිහඩව බලා ඉන්න සුසන්ත සර්ව සිහිපත් කරන්න. නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් (ක්‍රීඩා) ලෙසත්, තවමත් වලල ඉස්කෝලෙ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු ලෙසත් තම රාජකාරීය දේවකාරියක් ලෙස ඉටු කරමින් ඉන්න නිහඩ වීරයා, සුසන්ත ප්‍රනාන්දු යනු වලලට පමණක් නොව අද රටටම සම්පතක් වෙලා අවසන්.

මේ කෙටි සටහන වලල කොල්ලන් කෙල්ලන්ගෙ ‘අපේ සර්’ නම් ඒ අපූරු මිනිසාට උපහාරයක්ම වේවා

විශ්ව චින්තන ගේ සටහනක්.

RECENT ARTICLES - SINHALA

මූතූර් වෙල්ලනාවල් පාලම කැඩීයාමේ අවදානමක

මූතූර් සාෆි නගර ප්‍රදේශයේ ඇති වෙල්ලනාවල් පාලම කැඩීයාමේ අවදානමකට ලක්වී තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මිට වසර දෙකක පමණ සිටඑම පාලම අබලන් තත්වයට පැමිණෙමින් පවතින බවයි. අවිධිමත් වැලි...

රුසියා – යුක්‍රේන යුද්ධය මැද තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිය ගිහින්

රුසියානු - යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම්...

කෘත්‍රීම බුද්ධිය හා බෞද්ධ දර්ශනය අතර සම්බන්ධය හොයන්න බිලියනයක් වෙන්කරනවා-රනිල්

කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ කිරීමට රුපියල් බිලියනයක මුදලක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා බෞද්ධ සමිතියට...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...