27 C
Colombo
Monday, May 6, 2024

අනුරාධපුරයේදී බියර් කන්ටේනරයක් අනතුරට ලක්වෙයි

- Advertisement -

අනුරාධපුර, පාදෙණිය ප්‍රධාන මාර්ගයේ මොරගොඩදී ලොරි රථයක් සහ ප්‍රයිමුවර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට යාපනය දෙසට ටයිල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ බියගම සිට අනුරාධපුර දෙසට බියර් ප්‍රවාහනය කරමින් තිබූ රථ දෙකකි.

ටයිල් ප්‍රවාහනය කළ ලොරි රථය මාර්ගය අසල නවතා තිබියදී පසුපසින් පැමිණි ප්‍රයිමුවර් රථය නවතා තිබූ ලොරියේ පසුපස ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර පොලීසිය සැක පලකරන්නේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි.

RECENT ARTICLES - SINHALA

හොරණ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ යතුරුපැදිය හමුවෙයි

හොරණ - ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව...

වීසා ගාස්තු වැඩි වීම නිසා අවාසි රැසක්

ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව...

මීරිගම – කඩවත අධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන වාර්තාවක් කැඳවලා

මීරිගම - කඩවත අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...