27 C
Colombo
Friday, May 3, 2024

ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයන් කිහිපයක් රජයේ සම්පත් බෙදාගෙන

- Advertisement -

නිදහස් චතුරස්‍රය අසල පිහිටි ‘ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්’ කිසිසේත් ව්‍යාපාරික ස්ථානයකට සුදුසු ස්ථානයක් නොවන බවත්, එය පසුගිය කාලයේදී දිගින් දිගටම පාඩු ලබමින් තිබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

පාඩු ලබමින් තිබියදී වුවත් එය පවත්වාගෙන යාමට පසුගිය රජය කටයුතු කළේ සාමාන්‍ය ජනතාවට නිදහසේ හැසිරීමට, විවාහ මංගල්‍ය උත්සව ගන්නා තරුණ තරුණියන්ට ඡායාරූප ගැනීමට අවස්ථාව ලබාදීමට බවත් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙනවා.

කෙසේ නමුත් වත්මන් රජය විසින් එම ස්ථානය පෞද්ගලික සමාගමකට බදුදීමට තීරණය කර ඇති බවයි මන්ත්‍රීවරයා අද (02) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් සඳහන් කළේ.

මෙම ස්ථානය කොළඹ 07 ප්‍රදේශයේ පිහටි අක්කර 05 හමාරකින් සමන්විත භූමියක් බවත්, එම ප්‍රදේශයේ පර්චර් එකක වටිනාකම කෝටි එකහමාරක් වන බවත් ඔහු පවසනවා. මෙම ඉඩම පර්චර් 800 කින් සමන්විත වන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එම ඉඩමේ පිහිටි ගොඩනැගිල්ල වර්ග අඩි 90,000 කින් සමන්විත වේ. අදාල ඉඩම සහ ගොඩනැගිල්ල රුපියල් බිලියන 25 කට වැඩි වටිනාකමකින් යුක්ත බව පෙන්වා දෙන චම්පික රණවක මහතා පවසන්නේ එය වසර 10 ක කාලයක් සඳහා රුපියල් බිලියන 1.2 කට බදුදීමට රජය තීරණය කර ඇති බවයි.

ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයන් හතර පස් දෙනෙකු අතර ආණ්ඩුවේ සම්පත් බෙදා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් වන බවත් මෙම ගනුදෙනුව එහි එක් පියවරක් පමණක් බවත් චම්පික රණවක මහතා පවසයි.

RECENT ARTICLES - SINHALA

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි...

දමිතගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...