28.4 C
Colombo
Sunday, May 12, 2024

අල්ලස් කොමිසමට අයදුම්පත් කැඳවයි

- Advertisement -

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත්කර ගැනීමට අයඳුම්පත්කැඳවීම ආරම්භ කර තිබෙනවා.

අදාළ අයඳුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළකර ඇති ආකෘතිය අනුව ලබන මස 06 වනදාට පෙර පුරවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් යොමුකළ යුතුයි.

මෙහිදී නීතිය, අපරාධ විමර්ශණය කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම, වෝහාරික විගණනය සහ ගිණුම්කරණය, ඉංජිනේරු විද්‍යාව, ජාත්‍යන්තර සම්බන්ධතා සහ රාජ්‍යතාන්ත්‍රික සේවා, මහජන කළමනාකරණය හෝ රාජ්‍ය පරිපාලනය පිළිබඳ අවම වසර විස්සක පළපුරුද්දක් සහිත තැනැත්තන්ට මේ සදහා අයදුම් කළ හැකි වෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම දූෂණ විරෝධී පනතේ පවතින අඩුපාඩුවක් හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ ප්‍රමාදවු අතර ඒ අනුව නව සාමාජිකයන් පත්කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගියදා තීරණය කළා.

පනතේ එම අඩුපාඩුව නිවැරදි කිරීම සඳහා පාර්ලිමේන්තුවට අද(17) සංශෝධනයක් ගෙන ඒමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රිලනිප මූලස්ථානය අවට දැඩි ආරක්ෂාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පිහිටි කොළඹ ඩාලි පාර ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කොට ඇති අතර පොලිස්...

සාමාන්‍ය පෙ​ළ විද්‍යා ප්‍රශ්න පත්‍රයෙත් ගැටලුවක්

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පසුගියදා පැවති විද්‍යා විෂයට අයත්  ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලසුමට පරිබාහිරව සකස්කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මන්ත්‍රිවරයා චෝදනා කර...

කාලිංග කුමාරගෙ​න් රන් පදක්කමක්

ජපානයේ පැවැත්වුණු 11 වන කිනාමි මිචිටාකා අනුස්මරණ තරඟාවලියේ​දී ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ විසින් අද (12) සමත් වුනා.  ඒ මීටර 400 පිරිමි ඉසව්වේ...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...