28.5 C
Colombo
Monday, May 13, 2024

විදුලි පිරිවැය යළි ගණනය කරන ලෙස කොමිසමෙන් මණ්ඩලයට උපදෙස්

- Advertisement -

විදුලි ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය යොමු කර ඇති ඉල්ලීමට අදාළව ඉදිරිපත් කර ඇති දත්ත, වර්තමාන තත්ත්වය හා නොගැළපෙන බව, මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ඒ,ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යොමු කරමින්.

ඔක්තෝබර් මස 18 වැනිදාට පෙර මණ්ඩලය සතු නවතම දත්ත මහජන උපයෝගීතා කොමිසම වෙත වෙත ඉදිරිපත් කරන ලෙස අදාළ ලිපිය මඟින් විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය සැප්තැම්බර් මස 04 සහ 26 යන දිනවල විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය විසින් යොමුකළ ඉල්ලීමේ සඳහන් දත්ත වර්තමානය හා නොගැළපෙන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙන්නේ සැප්තැම්බර් මාසයේ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 44.7 ක් ලෙස පුරෝකථනය කර තිබුණ ද සැබෑ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 41.01 ක් බවයි.

මේ අතර ජල විදුලි උත්පාදන ධාරිතාව ද, විදුලි බල මණ්ඩලය දක්වා ඇති ප්‍රමාණයට වඩා මේ වන විට ඉහළ ගොස් ඇති බව කොමිසම පවසනවා.

හජන උපයෝගීතා කොමිසමේ අදහස වන්නේ ගල් අඟුරු භාවිතයෙන් විදුලි උත්පාදනය සම්බන්ධව විදුලිබල මණ්ඩලය කර ඇති පුරෝකථනය නොගැළපෙන බවයි.

මේ තත්ත්වයන් තුළ ඉල්ලා ඇති විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ සළකා බැලීම සඳහා නවතම දත්ත තමන් වෙත ඉදිරිපත් කරන්නැයි මහජන උපයෝගීතා කොමිසම, විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසයි.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටිය ඝාතනයේ සැකකරුවන් 9 දෙනාට අධිකරණය දුන් නියෝගය

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9 දෙනා එළැඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. එම සැකකරුවන්...

මාතර වෙරළේ දැවැන්ත තල්මස් සිරුරක්

මාතර ගොඩඋඩ වෙරළතීරයට මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා. මෙලෙස ගොඩගසා ඇති තල්මස් සිරුර දිග මීටර් 5ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ. මිරිස්ස වනජීවී කාර්යාලය පවසන්නේ...

‘චන්ද්‍රපාල’ සොයා විදුරගෙන් මෙහෙයුමක්

සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන අසභ්‍ය වචන ඇතුළත් ගීතයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, බුද්ධ සාසන ආගමික හා සංස්කෘතික කටයුතු...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...