25 C
Colombo
Sunday, May 12, 2024

කිරුළපන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

- Advertisement -

කිරුළපන ප්‍රදේශයේදී පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිව සිටි එක්දරු පියෙක්.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 32 හැවිරිදි වියේ පසුවන ඔහුගේ සොහොයුරා කිරුළපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

පොලිස් මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා තදබල ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටි අයෙකු වන අතර ඔහු සිය මවගෙන් මුදල් ඉල්ලා කරදර කිරීමත් සමඟ ඔහුගේ සහෝදරයා මෙලෙස ඔහුගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇන ඇති බවයි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකාර සොහොයුරා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කිරුළපන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ විභා​ග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් අත්අඩංගුවට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් වෙත මුදාහැරීම සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් ද අද (12) පොලීසිය විසින් අත්අඩංගුවට...

සාමාන්‍ය පෙළ විභාග​යේ ඉදිරි කටයුතු ගැන නිවේදනයක්

මේ දිනවල පැවැත්වෙන 2023(2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්...

සපුගස්කන්දට අකු​ණු සැර ව​දි​යි

සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු​වේ ගෑස් සපයන නලයකට අද (12) පස්වරුවේ, අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගෙන තිබෙනවා. දැඩි වර්ෂාවත් සමග අද පස්වරු 4.30ට පමණ...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...