28 C
Colombo
Saturday, May 18, 2024

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත ගැටුම අද

- Advertisement -

ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව වැනි තරගය අද (21) නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.

තරගය අද උදෑසන 10.30ට ආරම්භ වනවා.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ මේ දක්වා සහභාගි වූ තරග තුනේ දී දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වුණා.

නෙදර්ලන්තය මේ දක්වා සහභාගි වූ තරග 03න් දෙකක් පරාජයට පත්වූ අතර, ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රාහණයක් වාර්තා කළා.

ශ්‍රි ලංකාව සහ නෙදර්ලන්තය එක්දින ලෝක කුසලානයක දී එකිනෙකා හමු වන පළමු අවස්ථාව මෙය වනවා.

එමෙන්ම ඊයේ(20) පැවති අවසන් පුහුණු සැසිය අනිවාර්ය පුහුණු සැසියක් නොවූ අතර, ඒ සඳහා ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පමණක් එක්ව සිටියා.

එම ක්‍රීඩකයන් කිහිප දෙනා අතර ආබාධයකට ලක් ව සිටි ශ්‍රී ලංකා නිත්‍ය එක්දින නායක දසුන් ශානක ද සිටීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

බාල ඖෂධ සිද්ධි​ය ගැන තවත් පැමිණිල්ලක් CIDයට

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහ​තා අපරාධ...

‍රෝමේන් විලිස්ට වාරණ නියෝගයක්

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන රොමේන් විලිස් හට කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇය විසින් මෑතකදී නිකුත් කරන ලද “ඒ...

මැල්සිරිපුර පොලිසියෙන් පාසල් සිසුවෙක්ට අමානුෂික ප්‍රහාරයක්

නිවසකින් වායු රයිෆලයක් සහ ජංගම දුරකථනයක් සොරාගත් බව පවසමින් ගමේ පාසල් සිසුවකු ඇතුළු දෙදෙනෙක් මැල්සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් පාසල්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...