31 C
Colombo
Wednesday, May 22, 2024

බරපතල ලෙස අපයෝජනයට ලක්වෙන්නේ පොලීසිය-ඩලස් අලහප්පෙරුම

- Advertisement -

මෙම වසර තුළ හමුදාවේ 27,000ක පිරිසක් ඉවත්වීමට හේතුව සොයාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අයවැය කාරක සභා විවාදයට අද (23) එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඒ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ,

“දේශපාලකයින්ට පසුව වැඩියෙන්ම බැණුම් අහන කණ්ඩායම ඉන්නේ පොලීසියේ. අනෙක් කරුණ ඉතිහාසය පුරාම දේශපාලකයින් විසින් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ ආයතනයක් වේ නම් ඒ තමයි පොලීසිය.”

“යුද හමුදාවේ දෙවනියාගේ (යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි) තනතුරේ ඔක්තෝබර් 13 සිට මේ දක්වා දින 40ක් පුරප්පාඩු වෙලා තිබෙනවා. මේ නිසා හමුදාවන් ඇතුළේ ගැටලුවක් මතුවෙලා.

“පොලිස්පති ධුරයටත් ඒක තමයි වෙලා තියෙන්නේ.”

“ඒ වගේම 2023 වසර තුළදී යුද හමුදාව ඇතුළේ 27,000කට ආසන්න පිරිසක් සේවය අත්හැර ගිහින් තිබෙනවා. එක්කෝ විශ්‍රාම ගිහින්. නැතිනම් සේවය අතහැර ගිහින්. එක්කෝ ඉල්ලා අස්වෙලා. ඒ කියන්නේ මොනාහරි ගැටලුවක් තිබෙනවා. ඒක හොයන්න ඕනේ.”

“මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අවිශ්වාසයක් සමාජය තුළ ඇතිවෙලා. අවිනිශ්චිතභාවය පිළිබඳ හැගීමක් මතුවෙනවා.”

“ඉතිහාසයේ පළවෙනි වතාවට කැබිනට් ඇමතිවරයෙක් මේ සභාවෙදිත් කිව්වා ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න බයයි කියලා. ඔහුගේ ජීවිතයට තර්ජනයක් තිබෙනවා කියලා පොලීසියට පැමිණිලි කර තිබෙනවා.”

“මේ අවුරුද්ද දිහා බැලුවොත් හැම මාසෙකට සාහසික මනුෂ්‍ය ඝාතන 50ක් පමණ සිදුවෙනවා. ඒ කියන්නේ පැය 14කට වරක් එක මනුෂ්‍ය ඝාතනයක් සිදුවෙනවා.”

“නීතියේ ප්‍රමාදය පොලීසිය පාලනය කරන්න පුළුවන් කාරණයක් නොවෙයි. පොලීසියේ භෞතික පහසුකම්වල විශාල කඩාවැටීමක් සිදුවෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ පොලීසියට රාජකාරී කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. මේවා හදාගත්තේ නැත්නම් තත්ත්වය තවත් බරපතළ වෙයි”

RECENT ARTICLES - SINHALA

මරදගහමුල තොරණත් කඩන් වැටිලා

එළැඹෙන වෙසක් දිනය වෙනුවෙන් දිවුලපිටිය - මරදගහමුල ප්‍රදේශයේ නිර්මාණය කළ තොරණ, අධික සුළං තත්ත්වය සහ වර්ෂාවත් සමඟ අද (22) උදෑසන කඩා වැටී තිබුණා. මෙම තොරණ...

රනිල්ට තව අවුරුදු 12ක් වත් රට භාරදෙන්න ඕනේ – වජිර

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට තව අවුරුදු 12ක් පමණ රට පාලනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. වර්තමානය රට...

විජයදාස ගැන නඩුව කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස විජයදාස රාජපක්ෂ සහ මහ ලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමට එරෙහිව දුමින්ද දිසානායක මහතා ගොනුකළ පැමිණිල්ලක්...

POPULAR ARTICLES

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...