29 C
Colombo
Friday, May 17, 2024

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

- Advertisement -

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ කොමිසම විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

මේ හේතුවෙන් රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් කෝටි සිය ගණනක්.

කොමිසමට ලැබුණු තොරතුරු අනුව මෙලෙස නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වටිනා වර්ගවලට අයත් ජීප් හා කාර් රථ 500ක් පමණ දැනට විවිධ ඉහළ පෙළේ පුද්ගලයන් සතුව තිබෙන බව වාර්තා වන්නේ.

වාහන දෙකක් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමේදී මහා පරිමාණ ජාවාරම ගැන තොරතුරු හෙළිවි තිබෙනවා.

වාර්තා වන ආකාරයට මෙම ජාවාරම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ ඉහළ නිලධාරියකු හා සහකාර ප්‍රවාහන කොමසාරිස් මට්ටමේ නිලධාරියකු ද සම්බන්ධ බවද අල්ලස් දූෂණ කොමිසමේ ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස වංචාකාරී ලෙස ලියාපදිංචි කරන ලද අලුත් ජීප් හා කාර් රථ සඳහා ලබා දී ඇති ඇතැම් අංක ට්‍රක්ටර් මෝටර් සයිකල් හා ලොරි රථවලට කලින් ලබා දී ඇති වාහන අංක බව කරන ලද පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළිදරව් වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී සැරයන්වරු දෙදෙනෙක් රෝහලේ

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා...

සුරක්ෂා රක්ෂණය යළිත්

සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. 2017 වසරේ ආරම්භ කෙරුණු සුරක්ෂා රක්ෂණය 2022 වසරේ දී නවතා...

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජබයට 

හිටපු යුද හමුදාපති, විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්වී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...