27 C
Colombo
Monday, May 6, 2024

කැස්බෑවේ කොවිඩ් ආසාදිතයින් 97ක්. සුපිරි වෙළෙදසැලකත් කොවිඩ් ආසාදිතයින්

- Advertisement -

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පුද්ගලයන් 112 දෙනෙකු සඳහා සිදුකළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ආසාදිතයන් 65 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කරන්නේ ඒ අනුව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් දින 5ක් තුළ සිදුකළ PCR පරීක්ෂණ 164 කින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 97ක් බවයි.

ඒ අතර රජයේ සුපිරි වෙළෙඳසැළක රෝගීන් දෙදෙනකු ද පෞද්ගලික සුපිරි වෙළෙඳසැළක රෝගීන් 8 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා.

එම සුපිරි වෙළෙඳසැළ වසාදමා ඇති අතර වාර්තා වූ රෝගීන් 97 දෙනාට සම්බන්ධ ආශ්‍රිතයින් 300 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය පවසනවා.

මෙම ආශ්‍රිතයින් ලබන අඟහරුවාදා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

දරු දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිඳ ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව පැවසෙන...

සාමාන්‍ය පෙළ විභාගය අද

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වෙනවා. ඒ සඳහා පෙනී සිටින සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 52,979ක්. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්...

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...