27 C
Colombo
Monday, May 6, 2024

ඉන්දියානුවන් මෙරට නිරෝධායනය කරන ව්‍යාපාර ඇරඹේ. මෙය දැඩි ව්‍යාසනයක ආරම්භයක් – සෞඛ්‍ය අංශ

- Advertisement -

ඉන්දියාවේ පැතිර යන දරුණු කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියානුවන්ට යුරෝපා රටවලට ඇතුළුවීම මේ වනවිටත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

මේ හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ දින 14ක නිරෝධායන කාලය සම්පූර්ණ කර යුරෝපා රටවල් වෙත සංචාරය කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

අද ඉන්දියාවේ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ඉන්දියානුවන්ට නිරෝධායනය සඳහා මෙරටට ඇතුළු වීමට ඉඩ දීම නිසා රටේ මේ වන විට ඇතිව තිබෙන අවදානම් තත්ත්වය තව තවත් උග්‍රවන බැවින් මෙම වැඩපිළිවෙළ පිළිබඳව රජයේ අවධානය වහාම යොමු විය යුතු බවයි උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර මෙරටදී නිරෝධායනය වන ලෙසට සදහන්වන ව්‍යාපාරයන් මේ වන විටත් ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අදාල සමාගම් විසින් ඉන්දියානුවන්ට විශේෂ වට්ටම් ලබාදෙන අතර රාත්‍රි 13 ක් සඳහා වේල් තුනම ආහාර සහිතව තරු තුනේ හෝටලයක නිරෝධායනවීම සඳහා ඉන්දියානුවන්ට ආරාධනා කෙරෙන දැන්වීම් මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ ඉන්දියානු රෝගීන් මෙරටට ගෙන්වාගැනීමෙන් ලංකාවත් ඉන්දියාවක් බවට පත්වීමේ අවධානම මග හැරිය නොහැකි බවයි.

RECENT ARTICLES - SINHALA

මීරිගම – කඩවත අධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන වාර්තාවක් කැඳවලා

මීරිගම - කඩවත අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන...

සරසවි අනධ්‍යන සේවකයිනුත් 5 වැනි දිනටත් වර්ජනයේ

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද(06) පස්වැනි දිනටත් ක්‍රියාත්මක වනවා. පසුගිය දෙවැනිදා සිට ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩවර්ජයක් ආරම්භ කළා. වැටුප...

ඉවසුවා ඇති කියා ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙලා

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...