30 C
Colombo
Friday, May 17, 2024

සනත් නිශාන්තගේ මරණයෙන් පසුව හයිවේ එකට ලයිට්

- Advertisement -

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ආලෝකකරණ කටයුතු කඩිනමින් අවසන් කරන බව මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, කොළඹ ඊයේ (26) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, අධිවේගී මාර්ගවල සිදු වූ මාරක රිය අනතුරු වලින් ගත වූ දින 27 තුළ පමණක් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට මරු කැඳවූ රිය අනතුරත් සමඟයි.

එම අනතුර සිදු වී පැය 24ක් තුළ කටුනායක අධිවේගී මාර්ගයේම කඩවත සහ කෙරවළපිටිය අතරදී වෑන් රථයක් ලොරි රථයක පිටු පස ගැටී සිදු වූ අනතුරකින් විදේශිකයෙකුට දිවි අහිමි වුණා.

කෙසේ වෙතත් විශේෂඥයින් පෙන්වා දෙන්නේ, අධිවේගී මාර්ගවල සහ අන්තර් හුවමාරු අතර සවිකර ඇති වීදි ලාම්පු බොහොමයක් ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එම ප්‍රදේශ අඳුරු ස්වභාවයක පැවතීමද අනතුර වලට අත වැනීමක් බවයි.

RECENT ARTICLES - SINHALA

සිදු නොවිය යුතු දෙයක් වුණා – ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. අද...

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...