33 C
Colombo
Friday, May 3, 2024

ඉන්දියානුවන් මෙරටට රහසේ පලා ඒමේ තර්ජනයක් (වීඩියෝ)

- Advertisement -

මේ වන විට ඉන්දියාවේ පවතින දැඩි කොවිඩ් අවධානම් තත්ත්නවය හේතුවෙන් ඉන්දියානුවන් විශාල වශයෙන් වෙනත් රටවලට පළායෑමේ සිදුවීම් වාර්තා වනවා.

ඒ අතර ඉන්දියානුවන් මෙරටට රහසේම පැමිණීම ඉතාමත් අවදානම් තත්ත්වයක සිටින අප රටටද දැඩි සෞඛ්‍ය තර්ජනයක් බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

එම සංගමය ශ්‍රී ලංකා පොලීසියෙන් හා නාවුක හමුදාවෙන් ඉල්ලා සිටින්නේ ඉන්දියානුවන් මෙරට මුහුදු මාර්ග ඔස්සේ අනවසරයෙන් පැමිණීම වළක්වා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෙරළාශ්‍රිත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉන්දියානු පුරවැසියන් හෝ එවැනි පුරවැසියන් යැයි සැකසහිත ඕනෑම අයෙක් ගැන වහාම ළඟම පිහිටි පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් ඇගේ දරු දෙදෙනාද සමඟින් සෞඛ්‍ය අංශ විසින් සොයාගැනුනා.

ඔවුන් සඳහන් කරන්නේ රුපියල් 50,000 ක පමණ මුදලකට ඉන්දියාවේ සිට මෙරටට බෝට්ටු මගින් ගෙනවිත් දැමීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බවයි.

RECENT ARTICLES - SINHALA

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...