කැනඩාවේ සිදුවූ විශාලතම රන් කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට එයාර් කැනඩා ගුවන් සේවාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් ද අයත් වනවා.
එරට ටොරොන්ටෝ හි පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ විශේෂ භාණ්ඩ තොගයක් 2023 වසරේ අප්‍රේල් මාසයේදී ඔවුන් සොරකම් කර තිබුණා.
කැනේඩියානු වාර්තාවලට අනුව එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 16ක් බවයි වාර්තා වන්නේ.
ඒ අතරට සම්පූර්ණ බර කිලෝ 400ක් වන රන් කුට්ටි 6,600ක් සහ විදෙස් මුදල් තොගයක් අයත්.