30 C
Colombo
Sunday, June 23, 2024
spot_img

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

- Advertisement -

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.

බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ කෙලින්කන්ද ජනපදය අගලවත්ත ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

මතුගම ඩිපෝවට අයත් බස් රථයක් කෙලින්කන්ද සිට මතුගම බලා ධාවනය වෙමින් තිබූ අවස්ථාවක මාකෙලි ඇල්ල ප්‍රදේශයේ දී ලිස්සා මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ බැම්මක වැදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් බුලත්සිංහල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර බදුරලිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

සැරයන්ට පොල්ලකින් පහරදුන් පිය පුතු යුවලක් අත්අඩංගුවට

පුද්ගලයෙකු  අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් සැරයන් වරයෙකුට පොල්ලකින් පහර දුන් බව කියන කාන්තාවක් සහ එකම පවුලේ තාත්තා සහ පුතා අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය...

බ්‍රිතාන්‍යයේ LTTE තහනම ඉවත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යයේ LTTEයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස TGTE (දෙමළ ඊලම් සංක්‍රාන්ති රජය) විසින් කරන ලද අභියාචනය එක්සත් රාජධානියේ තහනම් සංවිධාන...

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (22) අලුයම් කාලයේදී කටුවන පොලිස් වසමේ අමුදමන...

POPULAR ARTICLES

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

උසස් පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. ජූලි මස...

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...