26 C
Colombo
Sunday, May 19, 2024

සද්දෙට සින්දු දාන්න එපා කියපු OIC ට ගුටි පූජාවක්

- Advertisement -

කපුගොල්ලෑව පොලිස් වසමේ අලියාකඩ ප්‍රදේශයේ නිවසක තිබෙන කැසට් යන්ත්‍රය අධික ශබ්දයක් නැගෙන අයුරින් ක්‍රියාත්මක නොකරන ලෙස අවවාද කළ කපුගොල්ලෑව පොලීසියේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් සැරයන්වරයකුට ඊයේ (09) උදෑසන කාලයේදී පුද්ගලයින් තිදෙනෙක් පහරදී තිබෙනවා.

පහර දුන් බව කියන එකම පවුලේ 17 හැවිරිදි පාසල් සිසුවකු ඇතුළු සහෝදරයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හොරොව්පොතාන පුගොල්ලෑව පොලීසිය මේ වන විට පරීක්ෂණ පවත්වනවා.

මෙම සැකකාර සහෝදරයන් තිදෙනා මේ වන විටත් ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා විහාරස්ථානය ආසන්නයේ පිහිටි නිවසක ක්‍රියාත්මක කර ඇති කැසට් යන්ත්‍රය මගින් නිකුත් වන අධික ශබ්දය උහුලා ගැනීමට නොහැකි බවත් මේ නිසා විහාරස්ථානයේ ආගමික කටයුතුවලට පවා මහත් බාධාවක් සිදුවී තිබෙන බවත් පවසමින් පිරිසක් කපුගොල්ලෑව පොලිසියට දුරකතනයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස් කණ්ඩායමක් මේ ගැන සොයා බැලීමට ගොස් කැසට් යන්ත්‍රයේ ශබ්දය අඩු කරන ලෙස දාහත් හැවිරිදි පාසල් සිසුවාට දැනුම් දුන් අවස්ථාවේ ඔහු එම දැනුම්දීම කළ පොලිස් සැරයන්වරයාට අතින් පහර දීමක් සිදු කළේ යැයි පොලිසිය පවසනවා.

මෙම පහරදීමෙන් පොලිස් සැරයන්වරයාගේ තොල් පුපුරා තුවාල සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

පසුව මෙම සිදුවීම වු හොරොව්පොතාන – කපුගොල්ලෑව – අලියාකඩ ප්‍රදේශයේ අදාළ නිවසට කපුගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා ගොස් ඇති අතර එහිදී ඔහු පොලිස් ජිප් රථයෙන් බැස නිවස වෙත එමින් සිටි අතරවාරයේ දහහත් හැවිරිදි සිසුවාගේ සහෝදරයන් දෙදෙනා පොලිස් ස්ථානාධිපතිවරයාට පොලු පහර කිහිපයක් එල්ල කර පලා ගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙම 17 හැවිරිදි පාසල් සිසුවාගේ සහෝදරයන් දෙදෙනා කසිප්පු පෙරා විකිණීමේ ජාවාරමක නිරතව සිටින බවයි.

එම සොහොයුරන් තිදෙනාට අමතරව එම ස්ථානයට තවත් බාහිර පිරිසක් පැමිණ කපුගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරින් දෙදෙනෙකුටද පහරදී රාජකාරියට බාධා කළ බව පොලීසිය පවසනවා.

එසේ අයුතු ජනරාශියකින් අනුබල දී රාජකාරියට බාධා කර ඇත්තේ, අවුරුදු 21, 23 සහ 24 වයස්වල පසුවන අලියාකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් වන බවත් ඔවුන්ව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සදහන් කරනවා.

පහරකෑමෙන් තුවාල ලබූ පොලිස් නිලධාරින් කපුගොල්ලෑව රෝහලේ ප්‍රතිකාර ලබන ලබනවා.

සැකකරුවන් අද (10) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...