28 C
Colombo
Saturday, July 27, 2024

ප්‍රංශ ජනපතිට කම්මුල් පහරක් (වීඩියෝ)

- Advertisement -

ප්‍රංශයේ ගිණිකොන ප්‍රදේශයේ නිල සංචාරයක් සඳහා සහභාගී වූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ගේ මුහුණට පුද්ගලයකු පහර දී තිබේ.

එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ජාලයන්හි වේගයෙන් සංසරණය වන්නේය.වැලෙන්ස් නගරයෙන් පිටත ටේන් එල් හර්මිටේජ් හි මිනිසුන් රැස්වූ ස්ථානයකට පැමිණෙන ජනාධිපතිවරයා ආරක්ෂකයින් සමඟ මිනිසුන් අසලට යන අතර එක් පුද්ගලයකු මෙහිදී ජනාධිපතිවරයාගේ මුහුණටම ප්‍රහාරයක් එල්ල කරන ආකාරය එම වීඩියෝවෙහි සටහන් වී තිබේ.

කොළ පැහැති ටී ෂර්ටයකින් සැරසුණු පුද්ගලයෙක් ජනාධිපතිවරයාට මෙසේ පහර දෙන අතර ක්ෂණිකව ක්‍රියාත්මක වන ආරක්ෂක නිලධාරීන් ජනාධිපතිවරයා එම පුද්ගලයාගෙන් ඉවතට ඇද ගනී.

සිදුවීමෙන් අනතුරුව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.පහර එල්ල කළ මිනිසාගේ අනන්‍යතාවය සහ චේතනාව තවමත් පැහැදිලි නැත.

සුළු මොහොතකට පසු ජනාධිපතිවරයා නැවත ජනතාව අතරට පැමිණ සුහද කතාබහක නිරත වූ බව පැවසේ.රාජ්‍ය නායකයින් ගණනාවක් මෙම පහරදීම පිළිබඳ සංවේගය ප්‍රකාශ කර තිබේ.

ඊට අදාළ දර්ශන පහතින්,

https://fb.watch/602hzMHyuH/

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...