26 C
Colombo
Friday, May 17, 2024

මාස දෙකක දැරියකගේ සිරුරක් ළිඳක තිබී හමුවෙයි

- Advertisement -

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුඩාව ගමේ නිවසක ළිඳක තිබී මාස දෙක හමාරක් වයසැති සිගිති දියණියකගේ මෘත දේහය සොයා ගෙන තිබෙනවා.

එම  නිවසේ ළිදේ පාවෙමින් තිබියදී කල්පිටිය පොලිසිය විසින් මෙම මෘත දේහය සොයා ගෙන තිබුණා.

පොලීසිය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව සැක පිට අත් අඩංගුවට ගෙන ඇති බවයි.

අද (02) අලුයම 5.10 ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අසල්වැසියෙකු විසින් ලබාදුන් පණිවිඩයකට අනුව පොලිසිය මෙම මෘත දේහය සහිත ළිඳ සොයාගෙන තිබුණා.

මෙසේ මිය ගොස් ඇත්තේ මොහොමඩ් ෆාතිමා සෙයිමා නම් දැරියක්.

දරුවාගේ මවත් අට හැවිරිදි දැරියක් සහ හතර හැවිරිදි පුතු සිදුවීම වූ අද දිනයේ අලුයම නිවසේ සිට තිබුණා.

පොලීසිය සඳහන් කළේ  පියා එම අවස්ථාවේ නිවසේ නොසිට ඇති අතර ඔහු රැකියාව සදහා වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවයි.

පොලිසිය විසින් ප්‍රකාශ ලබා ගැනීම සදහා මේ වන විට ඔහුවද පොලිසියට කැඳවා ඇති බවද වාර්තා වෙනවා .

කල්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති අතර, මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

වර්ජනය නිසා 150,000කගේ උපාධිය අවසන් කිරීම කල් ගිහින්

විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...

ආබාධිත සිසුවෙක්ට විභාග දෙපාර්තමේන්තුවෙන් කළ අසාධාරණය (වීඩියෝ)

උපතින්ම ආබාධිත වීම හේතුවෙන් රෝද පුටුවෙන් එකොළොස් වසරක් පාසලට පැමිණි සිසුවෙකුට හා මෙතොදියස් විද්‍යාලයේ විශයන් හතරක් පමණක් ලිවිමට සිටි සිසුවියකට අ.පො.ස. සාමාන්‍ය පෙළ...

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...