29 C
Colombo
Sunday, June 4, 2023

චීන සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මෙරට සිදුකල වැඩසටහන් ගැන අගමැතිට පොතක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයෙහි පසුගිය වසර 6 ක ප්‍රගතිය අළලා සකස් කළ ‘THE PEARL OF
THE SILK ROUTE’ ග්‍රන්ථයේ මුල් පිටපත මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලිවෙන් යු මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (06) අරලියගහ මන්දිරයේදී පිළිගන්වනු ලැබුවා.

මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලිවෙන් යු මහතා සහ චාමර රන්මණ්ඩල මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය පසුගිය වසර 6 ක කාලය තුළ චීන සංස්කෘතික මධ්‍යස්ථානය ඔස්සේ සිදුකළ සුවිශේෂී වැඩසහන්වල ආවර්ජනයක් අන්තර්ගත වන බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

2014 වසරේ සැප්තැම්බර් 16 වනදා මෙරට සංචාරයක නිරතවූ චීන ජනාධිපති ෂී ජි පිං මහතා හා එවක මෙරට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු ආසියාවේ පළමු චීන සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ වුණා.

ඉන් අනතුරුව වසර 6 ක කාලය පුරාවට එහි අධ්‍යක්ෂ්‍ය ධූරය දරණ ලද්දේ අධ්‍යක්ෂ ලිවෙන් යු මහතායි.

කෙසේ වෙතත් චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලිවෙන් යු මහතා සිය සේවා කාලය අවසන් කොට නැවතත් සිය රට බලා යන බවද මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව දැනුවත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.