31 C
Colombo
Wednesday, May 21, 2025

උපන්දිනයට සුබ පතා මහින්දට චීනෙන් මල් කළඹක්

- Advertisement -

අද දිනට යෙදී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.

චීන තානාපතිවරයා ඇතුළු චීන තානාපති කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (17) දිනයේ දී හිටපු ජනාධිපතිවරයා හමුවී මෙම සුබ පැතීම එක් කළ බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

එහිදී චීන තානාපතිවරයා පවසා ඇත්තේ දීර්ඝ කාලීන මිත්‍රත්වයක් ගොඩනැගීම සඳහා හිටපු ජනාධිපතිවරයා අනගි සහයක් ලබාදුන් බවයි.

චීනය ලබාදුන් අතිවිශාල ණය ප්‍රමාණය සදහාවූ ණය පොලිය හා වාරික ගෙවාගත නොහැකි තත්ත්වයක් මේවන විට ශ්‍රී ලංකාවට ඇතිව තිබෙනවා.

අදළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවස්ථා රැසකදී ඉල්ලීම් කර ඇතත් චීන රජය එය මඟහැර කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබිය යුතු මුදල් ප්‍රමාණයද නොලැබෙන තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා...

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

POPULAR ARTICLES