29 C
Colombo
Saturday, July 27, 2024

පුටු ප්‍රශ්ණයක් නිසා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ කාමරයේ ගුටි කෙළියක්

- Advertisement -

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ කාමරයකදී පුටුවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනකු විසින් නවක නීතිඥවරයකුට පහර දී තිබෙනවා.

එම පහර දීමෙන් නවක නීතිඥවරයා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

සිය සේවා දායකයන් හමුවන මෙම නිල නීතිඥ කාමරයේ අසුනක වාඩි වී සිටි නව නීතිඥවරයා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනාගෙන් “ඇයි අයියා අවුලක්ද? මොනවද කෙරෙන්න ඕනැ?” යනුවෙන් ප්‍රශ්ණ කර ඇති අතර එම ප්‍රශ්ණය දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව තිබෙනවා.

කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කළේ ඊයේ (25) උදෑසන මෙම පහරදීම සිදුව ඇති බවයි.

පසුව දෙපාර්ශවයම සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසියට ගොස් එකිනෙකාට විරුද්ධ පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...