25 C
Colombo
Monday, May 13, 2024

ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

- Advertisement -

විදෙස් ගමන් තහනමක් පනවා ඇති ව්‍යාපාරිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන්තොටුපොළ ආගමන හා විගමන දේශසිමා ආවේක්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ව්‍යාපාරිකයා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් තායිලන්තය බලා පිටත්ව යාමට උත්සහ කළ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙක්.

අද (28) අලුයම තායි ගුවන් සේවයේ ටී.ජී. – 308 දරන ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අදාළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කූඨ ලෙස ලියකියවිලි සකස් කර පුද්ගලයෙකු ඉතාලිය වෙත යැවීමට උත්සාහ කිරීමේ සිද්ධියකට මෙම ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එහිදී ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.

RECENT ARTICLES - SINHALA

විභාග වංචා ගැන හොයන්න විශේෂ වැඩපිළිවෙළක්

විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා , දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරින් කණ්ඩායමක්...

මධ්‍යම පළාතේ රෝහල්වල අද සෞඛ්‍ය වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් අද (13) උදෑසන මධ්‍යම පළාතේ රෝහල් තුළ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. එම...

කුලියාපිටියේ තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ ඝාතනයට ආධාර අනුබල දීම සහ අපරාධය වසන් කිරීමේ චෝදනා මත සැකකාරිය...

POPULAR ARTICLES

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...