29 C
Colombo
Friday, May 17, 2024

මහජන ආධාර ගැන රජය ගත් තීන්දුවේ වෙනසක්

- Advertisement -

රජය විසින් ලබාදෙන මහජන ආධාර කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (14) සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අනුව දැනට ඇතැම් පිරිස් සඳහා රජය විසින් ලබාදෙන වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර මුදල් කප්පාදු තොරව ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු කියා සිටියේ අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේ දෙවන උපලේඛනයේ ඒ පිළිබඳව නිශ්චිතව සඳහන් කර ඇති බවයි.

“විශේෂ හැකියාවන් තියෙන අය ඒ කියන්නේ ආබාධිත සහෝදර සහෝදරියන්ගේ අනෙක් පැත්තෙන් හඳුනානොගත් හේතුන් මත වකුගඩු රෝගීන් වූ සහෝදර සහෝදරියන්ගේ අනෙක් පැත්තෙන් වැඩිහිටි අයගේ ලබාදෙන ආධාර සඳහා කිසිම තැනකදී, දින වකවානු සහිත සීමාකිරීමක් මේ අලුත් නීතියෙන් කරලා නැහැ. පැහැදිලිවම ගැසට් පත්‍රයේ දින වකවානු සඳහන් කරලා නැහැ. මේ දෙන අකාරයටම අඛණ්ඩව රජය ඒ උදව්ව කරන්න බලාපොරොත්තු වෙනවා.”

RECENT ARTICLES - SINHALA

ලංකාවට පරීක්ෂණ නැව් නොඑන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා පෙන්වා දී...

සචිත්‍රගේ කටහඬ පරීක්ෂණ වාර්තාව පමා වෙලා

මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති...

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී සැරයන්වරු දෙදෙනෙක් රෝහලේ

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...