29 C
Colombo
Saturday, July 27, 2024

සිංහයන්ගේ ලෝක කුසලානයේ වෙනසක්- ප්‍රබලයකුට ලෝක කුසලානය අහිමි වීමේ අවදානමක්

- Advertisement -

එක්දින ලෝක කුසලාන තරගාවලිය ලබන මස 05 වනදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නුදුරේදීම නම් කිරීමට නියමිත අතර ආබාධ තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රබලයෙකු වන ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ වැඩි ඉඩක් පවතින බවට වාර්තා වනවා.

ආසියානු කුසලාන තරගාවලිය තුළ තරමක් අසාර්ථකභාවයක් පෙන්නුම් කළ දිමුත් කරුණාරත්න වෙනුවට ආරම්භක පිතිකරු ලෙස අවිශ්ක ප්‍රනාන්දු කැදවීමේ සූදානමක් පවතින බවයි වාර්තා වන්නේ .

නමුත් තවමත් ලෝක කුසලාන සංචිතය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කොට නොමැති අතර නායක දසුන් ශානක සම්බන්ධයෙන් ද තේරීම් කමිටුව තීරණයක් ගැනීමේ සූදානමකින් පසුවන බවටද ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කරනවා.

මේ අතර එක්දින ලෝක කුසලාන සංචිතය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනිම සඳහා තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සමගින් සෙසු තේරීම් කමිටු සාමාජිකයන් වන රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න හා ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන එක්වීමට නියමිතයි.

ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා පවසන්නේ බොහෝ දුරට කණ්ඩායම් නායකත්වයෙහි වෙනසක් සිදුවීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...