මෙරට රත්තරන් මිල අද (10) තවදුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව, කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 179,400 ක් ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 195,650 ක් ද, දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 177,000 ක ද, කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 193,000 ක පැවැති බවද වාර්තා වෙනවා.