28 C
Colombo
Saturday, July 27, 2024

ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් යුක්තියට චෝදනාවක්

- Advertisement -

ආයුර්වේද පනත තුළ නීතිගත කර තිබෙන ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය සේ සේ සැලකීම සිය වෘත්තිය ගෞරවයට කරන හානියක්  බව ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා පවසනවා.

පසුගිය දිනක කොළඹ පැවති සාකච්ඡාවකදී වෛද්‍ය පෙරේරා මහතා මේ බව සඳහන් කර තිබුණා.

එමෙන්ම, යුක්තිය මෙහෙයුම යටතේ මෝදක සහ කාමේෂ්වරී යන ඖෂධ අත්අඩංගුවට ගැනීම ආයුර්වේදයට කරන අයුක්තියකැයි වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

වෛද්‍ය පෙරේරා මහතා සඳහන් ක්කර ඇත්තේ දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කංසා වල විස හරණය කර ඖෂධ සඳහා යොදා ගන්නා අතර ඖෂධ වට්ටෝරුවක භාවිතා වන ඖෂධ රැසක් අතුරින් එය එකක් පමණක් බවයි.

එමෙන්ම එහිදී අදහස් දැක්වූ එක්සත් වෛද්‍ය පෙරමුණේ සභාපති වෛද්‍ය වෝෂින්ටන් නානායක්කාර මහතා සඳහන් කළේ දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කංසා භාවිතා කර නිපදවනු ලබන ඖෂධ වර්ග රැසක් තිබෙන බවයි.

මෙම ආයුර්වේද ඖෂධ මත්ද්‍රව්‍ය සේ සැලකීම ආයුර්වේද වෛද්‍යවරුන්ට කරන දැඩි හානියක් බවද ඔහු සඳහන් කළා.

ආයුර්වේද පනත තුළ නීතිගත කර තිබෙන ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය සේ සේ සැලකීම සිය වෘත්තිය ගෞරවයට කරන හානියක්  බව ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා පවසනවා.

පසුගිය දිනක කොළඹ පැවති සාකච්ඡාවකදී වෛද්‍ය පෙරේරා මහතා මේ බව සඳහන් කර තිබුණා.

එමෙන්ම, යුක්තිය මෙහෙයුම යටතේ මෝදක සහ කාමේෂ්වරී යන ඖෂධ අත්අඩංගුවට ගැනීම ආයුර්වේදයට කරන අයුක්තියකැයි වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

වෛද්‍ය පෙරේරා මහතා සඳහන් ක්කර ඇත්තේ දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කංසා වල විස හරණය කර ඖෂධ සඳහා යොදා ගන්නා අතර ඖෂධ වට්ටෝරුවක භාවිතා වන ඖෂධ රැසක් අතුරින් එය එකක් පමණක් බවයි.

එමෙන්ම, එහිදී අදහස් දැක්වූ එක්සත් වෛද්‍ය පෙරමුණේ සභාපති වෛද්‍ය වෝෂින්ටන් නානායක්කාර මහතා සඳහන් කළේ දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කංසා භාවිතා කර නිපදවනු ලබන ඖෂධ වර්ග රැසක් තිබෙන බවයි.

මෙම ආයුර්වේද ඖෂධ මත්ද්‍රව්‍ය සේ සැලකීම ආයුර්වේද වෛද්‍යවරුන්ට කරන දැඩි හානියක් බවද ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...